වෙනදට අපි දෙන්නම ගෙදර ඉන්නවා කියන්නේ මෙතන පොඩි පොඩි රණ්ඩු වලින් හිනා හඬවල් වලින් කෑගැහිලි වලින් පිරිල.ඒත් මේ දවස් ටිකේ අපි දෙන්නාගෙම කටින් වචන දහයක් පිට උනේ නැති තරම්.මං කොච්චර busy උනත් eunji ව මගේ තුරුලට අරං තියාගන්න මං කොහොමහරි වෙලාවක් හොයාගත්ත.එයත් කිසිදෙයක් නොකිවුවට මගේ තුරුලට වෙලාම වෙලාව ගෙව්වා.එයා දිහා බලන බලන පාරක් ගානේ මට මං ගැනම ඇතිවුනේ ලොකූ කේන්තියක්.එදා කිරිසුදු පාටට දිලිසුන කලව අද ජරා මිනිහෙක්ගේ නියපොතු පැල්ලම් වලින් රතු පාට වෙලා.එදා රතුවෙලා තිබුන කම්මුල් වල තිබුනේ කාගෙද නරුමයෙක්ගේ ඇඟිලි පාරවල්.එදා තිබුන ලස්සන ඇස් අද මැලවිලා ගිහින්.මේවා දකිද්දී මට මං ගැනම ලැජ්ජයි..මට මගේ wife ව පරෙස්සම් කරන්න බැරි උනා..😖💔සමහරවෙලාවට මට නොදැනීම මං එයාවත් තුරුල් කරං නිදි.එදා මගේ කෙල්ලට මොනව හිතෙන්න ඇත්ද මං එයා වෙනුවෙන් එයි කියල හැම මොහොතෙම හිතන්න ඇති..මං තමයි එයාගේ හොදම යාලුවා,එයාගේ ආදරේ වගේම එයාගේ husband.කොටින්ම මං තමා එයාගේ ලෝකේ..ඒත් මං මොකද්ද මේ කලේ..😢😖
අපිට police වල උදව් ගත්තත් තාම මේ වැඩේ කරපු සතාව හොයාගන්න බැරි උනා.මේක hater කෙනෙක්ගේ වැඩක් වෙන්නැති කියලයි අපි හිතන්නෙ.ඒත් අපි ගැන හොඳටම දන්න කෙනෙක්..
වෙනද වගේම අදත් මං එයාව තුරුල් කරං හිටිය ඇඳට වෙලා.ඒ වෙද්දි මටත් නොදැනීම නින්ද ගිහින් තිබුනත් eunji එකපාරටම දඟලන්න ගත්ත නිසා මං ඇහැරුනා.කෙල්ල හීනයක් දැකල වගේ.ඒත් එච්චර සතුටු හීනයක් නෙවේ වගේ.අමාරුවෙන් ඇරුනු ඇස් දෙකෙන් මං දිහා බලන් ඉද්දිම eunji ගේ ඇස් දෙකේ කඳුළු පිරුනා.ඒත් එක්කම ඒ කඳුළු කැට එකපේලියට එලියට වැටෙන්න ගත්තා.
YOU ARE READING
𝑀𝑦 𝐼𝑑𝑜𝑙 𝐻𝑢𝑏𝑏𝑦🤗❤(ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ)
Fanfictionමම ඇස් යැවුවේ, තාමත් මගේ ඉණ වටේ අත් යවාගෙන ඉන්න මගේ ලෝකෙ දිහාවට.මං හිතුව වගේම එයත් මගේ දිහා බලාගෙන ලොකු කල්පනාවක්.. එයාගේ ඇස් දිලිසෙන්නේ සතුටට ආපු කඳුළු වලින්ද දුකට ආපු කඳුළු වලින් ද කියල නොදන්නවා උනත් මං එයාගේ හැඩිදැඩි පපුව උඩින් ඔලුව තියල එයාගේ පප...