_6_

1.9K 450 17
                                    

ගෙදර ආපු මං හොදටම ඇඩුවා..ඇයි එයා මට එහෙම කලේ.. එයාට මාව සෙල්ලමක් ද..තව කෙනෙක් ගෙ හිතක් එක්ක එයා ලේසියෙන් සෙල්ලං කරන්නේ කොහොමද..

"හහ්...එක අතකට පාක් ජිමින් කියන්නේ සෙල්ලං බඩුවක් විතරයි..ඒකනෙ අප්පත් උබේ ජීවිතේ එක්ක සෙල්ලම් කරන්නේ..."

මං ගොඩක් වෙලා ඇඬුවා..ටේව මතක් වෙන වාරයක් පාසා මං මටම බැන ගත්තා..ඒ වගේ මිනිහෙක්ව විශ්වාස කරපු එකට... ආදරේ කරපු එකට..මං මහ මෝඩයෙක්..

අඬ අඬ ඉදලම මට නින්ද ගිහින්..මං ඇහැරුනේ  මේඩ් කෙනෙක් ඩිනර් එක ගන්න පහළට එන්න කියලා කතා කලාම..අප්පා තමයි එන්න කියලා තියෙන්නේ..ගියේ නැත්තං ගුටි කන්න වෙයි කියලා බයට මං මූණ හෝදගෙන පහළට ගියා..

මට බෑ තවත් දුර්වල වෙන්න..එයාලා ඉස්සරහ අඩන්න...මං ශක්තිමත් වෙන්න ඕනෙ..මං වෙනුවෙන්..

එහෙම හිත හිත පහළට යද්දි කෑම මේසෙ අප්පයි කුඩම්මයි වාඩි වෙලා හිටියා..එයාලාට ළමයි නැති එක හොඳයි.. නැත්තං එයාලත් මට වෛර කරයි...මට ගහයි..

මං ගිහින් කෑම මේසෙ වාඩි වුනා..අප්පගෙ නපුරු,තද මූණ මගෙ දිහාවට එල්ලවෙලා තිබ්බා..

"ජිමින්... මොනාද බල බල ඉන්නෙ..කෑම කනවා...."
අප්පා තදින් කිව්වා..ඒ කටහඬේ සැරට මං කෑම බෙදාගත්තා..දවල්ටත් කාලා නැති නිසා මං හොදටම බඩගින්නෙ හිටියෙ..කෑමත් එක්ක තරහ වෙන්න ඕනෙ නැති නිසා මම කන්න පටන් ගත්තා..

ටික වෙලාවක් යද්දි අප්පා මට කතා කලා..

"ජිමින්...තව සතියකින් තමුන් මිස්ටර් ජෝන්ව මැරි කරනවා...තමුන්ට සතුටුද.....?"
අප්පා කියද්දි මං කන එක නවත්තලා එයා දිහා බැලුවා.. එයාගෙ මූණෙ තිබ්බෙ නපුරු හිනාවක්..

මං සතුටු වෙන්නේ කොහොමද මං දන්නෙ නැති කෙනෙක්ව බඳින්න යද්දි...ඒ මනුස්සයා මොන වගේ කෙනෙක්ද කියලාවත් මං දන්නෑ... යක්ෂයෙක් වගේ මිනිහෙක් උනොත් මට වෙන්නේ එතනත් මැරි මැරි ජීවත් වෙන්න...

"මං කැමති නෑ එයාව මැරි කරන්න...."
මං අප්පගෙ ඇස් දිහා බලාගෙන කිව්වා...

"හහ්...උබ කැමති නෑ...එහෙමද.. ම්ම්ම්...?තමුන්ගෙ කැමැත්තෙන් මට වැඩක් නෑ කොල්ලො...තමුන්ට තව සතියකින් ජෝන්ව මැරි කරනවා... එච්චරයි..."

"ඔයාලා කොහොම කිව්වත් මං ඒ මිනිහව බදින්නෑ....නෑ නෑ නෑමයි......"
මං කෑම මේසෙටත් ගහලා නැගිට්ටා..අප්පගෙ තියුණු ඇස් තාමත් එහෙම්මයි..

"කටවහපන්..!! මගෙ තීරණ වලට පිටින් යන්න තමුන්ට බෑ...කට වහගෙන කෑම එක කාලා කාමරේට යනවා...ඒ වගේම තමුන්ට මේ සතියෙ ගෙදරින් එළියට බහින්න බෑ... බැහැලා තිබ්බොත් ඒක එදාට බලාගමු..."

අප්පා තදින් කියද්දි කුඩම්මත් මං දිහා බලලා හිනා වුනා..කපටි ගෑනි..

"ඇයි අප්පා මට මෙහෙම සලකන්නේ..මං මොකක් ද කරපු වරද..මං අප්පගෙ දරුවෙක් නෙමෙයි ද...?"

තවත් මේ වෙනස්කම් දරාගන්න බැරුව මගෙ ඇස් වලින් කඳුළු කැට වැටෙද්දි මං කෑගහලා කිව්වා..

"උබත් උබේ ඔම්මා වගේම තමයි..අඩන්න විතරයි දන්නේ...මට ඔය මූණ පෙන්නන්නැතුව පලයං මෙතනින්....."
එයා මට බැන්නා...මං තවත් එතන ඉන්නැතිව මගෙ කාමරේට දුවලා ආවා...

"මගෙ ෆෝන් එක...ඒක කොහෙද....?"
ඇස් වලින් කඳුළු ගලද්දි මං හෙව්වෙ ෆෝන් එක.. සමහර විට ඒක කෑම මේසෙ දාලා එන්නැති.. ආයෙමත් යනවද ඒක ගන්න..

කඳුළු කැට ටික අත් දෙකෙන් පිහදාගෙන මං ආයෙමත් පහළට ගියා...එතනදි අප්පයි කුඩම්මයි කතා වුන දේ ..ඒක නිසා ද මට සතෙක්ට වගේ සලකන්නේ....

මගෙ කකුල් පන නැති වීගෙන එද්දි මං බිත්තියත් අල්ලගෙන ආයෙමත් මගෙ කාමරේට ආවා..

"මං මහ පව්කාරයෙක්.....අනාතයා...."



𖧷𖧷𖧷

M̸ A̸ R̸ R̸ I̸ A̸ G̸ E̸ | ᴊɪᴋᴏᴏᴋ |ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ シ︎ Where stories live. Discover now