_19_

2.1K 460 30
                                    

කාලය හරිම හිමීට ගෙවිලා ගියා..ඒ කාලෙ ඇතුලෙදි මං පොඩ්ඩට ගොඩක් ලං වුනා...මට දැන් එයාව නැතුවම බෑ...එයාටත් එහෙමයි...

පරණ අඳුරු මතක සේරම පොඩ්ඩගෙ හිනාව ඉස්සරහ නැති වෙලා යන්නේ මං දැන් ජීවත් වෙනවා කියන එක මට තේරුම් කරලා..

ඒත් එක්කම තවත් ලස්සන හැඟීමක් මගෙ හිතේ හොල්මන් කරනවා...ඒ ජන්ග්කුක් ගැන...මං දන්නවා එයා මං ගැන එහෙම හිතන්නෑ කියලා..

ඒත් මං එයාට ආදරෙයි...!!

එයා මට එක සීරීමක්වත් කරලා නෑ..එයාට තද ගතිගුණ තියෙනවා තමයි... හැබැයි ඒකට මං කැමතියි...

පොඩ්ඩගෙ ස්කූල් බෑග් එක හරි ගස්සන ගමන් මං කල්පනා කලේ ඒ දේවල්... ටිකකින් මගෙ පිටිපස්සෙන් ජන්ග්කුක් උගුර පාදන සද්දෙ ඇහිලා මං ගැස්සිලා එයා දිහා බැලුවා..

"ඇයි හියුන්ග්......."

"ඔයාට මේ ගෙදර ඉදලම එපා වෙලා වගේ නම් ඉදලා හිටලා ඔයාගෙ ඔම්මවයි අප්පවයි බලලා එන්න පුලුවන් ජිමින්...."

එයාලා ගැන කතා කරද්දී මගෙ හිතට තරහක් ආවා...මං මාවම සන්සුන් කරගත්තේ ඒ දේවල් ගැන හිතලා මගෙ හිත අවුල් කරගන්න ඕනෙ නැති නිසා..

"අඅහ් හියුන්ග්... ඇත්තටම...එයාලා මගෙ ඇත්ත දෙමව්පියො නෙමෙයි....මං කැමති නෑ එයාලා ගැන කතා කරන්න...."
මං බිදුණු කටහඩකින් කියද්දි ජන්ග්කුක් හියුන්ග් මං ළගින් වාඩි වෙලා මගෙ අතකින් අල්ලගත්තා..

"ඔයා කැමති නම් ඔයාගෙ කතාව මට කියලා ඔයාගෙ හිත නිදහස් කරගන්න පුලුවන්..."
එයා මගෙ අත අල්ලගෙන කියද්දි මං ටික වෙලාවක් කල්පනා කලා...එයාට ඒක කියන්න මම තීරණේ කලා..

මං එයාට සම්පුර්ණ කතාව කියලා ඉවර වෙද්දි මට හොදටම ඇඩුනා... මම දුක් විදපු අතීතෙ මතක් වෙලා මගෙ ඇස් වල කදුළු පිරුනෙ මටත් නොදැනි...

"ෂ්ෂ්...අඩන්න එපා බබා...ඔයා අඩනකොට කැතයි..."
එයා එහෙම කියද්දි මං කදුළු අතරින් හිනා උනා..

එයා මගෙ නළලට හාදුවක් දීලා මාව එයාගෙ පපුවට තුරුල් කරගත්තා..එයා උණුසුම්....මං ඒකට කැමතියි...





𖧷𖧷𖧷




Haffy JIMINIE Day....!!!!🌚🌼❤️🎂


Final chapter එක හෙට දෙන්නම් බබීස්.... සතුටින් පරිස්සමින් ඉන්න...!!!
🌚❤️🎶🌼

M̸ A̸ R̸ R̸ I̸ A̸ G̸ E̸ | ᴊɪᴋᴏᴏᴋ |ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ シ︎ Donde viven las historias. Descúbrelo ahora