කාර් එක ඇවිත් නතර කලේ ලොකු මන්දිරේක..මං හිතන්නේ ජෝන් මන්දිරේ වෙන්නැති...එයා කාර් එකෙන් බැහැලා ඇවිත් මට බහින්න දොර ඇරියා...මං බැස්සෙ නෑ...මං මුරණ්ඩු වුනා..
මං බහින්නැති නිසා එයා මං ළගට පාත් වෙලා මාව උස්සගත්තා..මං පුදුමෙන් වගේ එයා දිහා බලද්දි එයා කාර් එකේ දොර කකුලෙන් වහලා මන්දිරේ ඇතුළට ඇවිදගෙන ගියා..
ඇතුල ගොඩක් ලස්සනයි..මගෙ ගෙදරටත් වඩා... ජන්ග්කුක් මාව උස්සගෙන යද්දි ගෙදර හිටපු මේඩ්ලා එයාට ආචාර කලා...
එයා මාව උස්සගෙන මන්දිරේ උඩ තට්ටුවේ තිබ්බ රූම් එකකට ආවා...ඒ රූම් එක කලු පාටින් ඩිසයින් කරලා තිබ්බා ...ඒ වගේම ගොඩක් ලොකුයි...බෙඩ් එකේ රෝස පෙති අතුරලා තිබ්බා..
"හහ්...මෙයා හනිමූන් යන්නද මාව වඩාගෙන ආවෙ..."
මං එහෙම හිතන ගමන් එයාගෙ මූණ දිහා බලද්දි ඒ මූණෙ කිසිම ඉරියව්වක් තිබ්බෙ නෑ..ඒ ඇස් මගෙ දිහාවට යොමු වෙලා තිබ්බෙ ගොදුරක් ඩැහැගන්න ආව උකුස්සෙක් වගේ..
එයා මාව ඇඳ උඩින් තියලා මගෙ ඉස්සරහ දණ ගහගෙන මගෙ සපත්තු ගලවලා දැම්මා..මං කලේ එයා දිහා බලාගෙන ඉන්න එක විතරයි..
එයා මං ඉස්සරහට පාත් වුනා..මං මූණ පැත්තට හරවගත්තා..එයාගෙ කටකොනේ හිනාවක් ඇදුනා කියලා මම දන්නවා..
"ක්ලෝසෙට් එකේ ඇඳුම් ඇති...වොෂ් එකක් දාගන්න..."
මගෙ කනට කොදුරපු ජන්ග්කුක් රූම් එකෙන් යන්න ගියා...
ලොකු කාමරයක් ඇතුලෙ මං තනි වුනා...
𖧷𖧷𖧷
YOU ARE READING
M̸ A̸ R̸ R̸ I̸ A̸ G̸ E̸ | ᴊɪᴋᴏᴏᴋ |ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ シ︎
Short Story"ඇයි අප්පා මට මෙහෙම සලකන්නේ...මම කරපු වරද මොකක්ද...මම අප්පගෙ දරුවෙක් නෙමෙයි ද...?" -Park Jimin🥀 Start - 2021/10/11 Finish - 2021/10/13