_2_

2.4K 471 11
                                    

ගියාටත් වඩා ඉක්මනින් ආයෙමත් කාමරේට ආපු මම දොර වහලා එතනම බිම වාඩි වුනා...

"අප්පා මොකක්ද ඒ කිව්වේ...එයාට මාව සෙල්ලම් බඩුවක් ද....?"

මං මගෙම කොන්ඩෙන් අදින ගමන් දොරට ඔලුව ගහගත්තෙ මම මහ කාලකන්නියෙක් කියලා හිතන ගමන්..

"ඇයි දෙයියනේ මටම මෙහෙම වෙන්නෙ...මං මොකක්ද මෙච්චරටම කරලා තියෙන පව..."

මගෙ ඇගම තරහින් වෙව්ලද්දි එතන සිද්ධ වෙච්චි දේ මගෙ ඔලුවෙ හොල්මන් කරන්න ගත්තා..

"ජිමින්...!"

"ඇ...ඇයි අප්පා....."

මම ගොත ගහන ගමන් අප්පා ළගට ඇවිදගෙන ගියා..අප්පා ලග කුඩම්මත් වාඩි වෙලා හිටියා..එතන තව මනුස්සයෙක් හිටියා..මං හිතන්නේ අප්පගෙ බිස්නස් පාට්නර් කෙනෙක් වෙන්නැති...

"මෙතනට එන්න පුතා....වාඩිවෙන්නකො......"

එයා රගපානවා... හැමදාමත් පිට අය ඉස්සරහ හොද කෙනා වෙන්න යනවා...හහ්...හැටි දන්නේ හැමදාමත් ගුටි කන මමනෙ...

මම අප්පා ලගින් වාඩි වුනේ මට කතා කලේ ඇයි කියලා දැනගන්න...

"මිස්ටර් පාක්....පුතා නම් ලස්සනයි...මම කැමතියි එයාව මැරි කරන්න..."

"මොකක්....??"

ඒ මනුස්සයා කියපු දේ ඇහිලා මම එතනම හිටගත්තෙ මේ මොනාද කියවන්නෙ කියලා තේරුම් ගන්න බැරුව..

"පුතා වාඩිවෙන්නකො....."

කුඩම්මා මගෙ අතින් ඇදලා අරගෙන ආයෙමත් සෝෆා එකේ වාඩි කලා...

"ඔයා කැමති නම් මේ මැරේජ් එක ඉක්මනටම සිද්ද වෙයි...."

අප්පා එහෙම කිව්වම ඒ මනුස්සයා මම දිහා බලලා ඔලුව හෙල්ලුවා...එයා මට වඩා අවුරුදු දහයක් විතර වැඩිමල් පාටයි...

මගෙ හීන ඔක්කොම මම ඉස්සරහම කඩාගෙන වැටෙනවා කියලා තේරෙද්දි මම කලේ තවත් එතන ඉන්නැතිව මගෙ රූම් එකට ආපු එක..

එතකොට ඒකද මගෙ දෛවය...

මං ආදරේ කරන කෙනාට මේක කියන්නේ කොහොමද...එයාගෙ ජිමින් වෙන මිනිහෙක්ට බන්දලා දෙන්න යනවා කියලා..

"එයාට මොනවා හිතෙයි ද....?"




𖧷𖧷𖧷

M̸ A̸ R̸ R̸ I̸ A̸ G̸ E̸ | ᴊɪᴋᴏᴏᴋ |ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ シ︎ Donde viven las historias. Descúbrelo ahora