_20_

3.2K 538 274
                                    

මට තවත් මගෙ හිතේ තියෙන හැඟීම් හංගගෙන ඉන්න බෑ..මට මේක එයාට කියන්න ඕනෙ..කියලා මගෙ හිත නිදහස් කරගන්න ඕනෙ..එයා මට බැන්නත් කමක් නෑ..අද මම මේක එයාට කොහොම හරි කියනවමයි..

ජන්ග්කුක් හියුන්ග් ගැන මගෙ හිතේ තියෙන ආදරේ දවසින් දවස වැඩි වෙද්දී මං කොහොමද මේක තවත් හිර කරගෙන ඉන්නෙ..?

එහෙම හිතලා මං හියුන්ග්ගෙ හෝම් ඔෆිස් රූම් එකට ආවා..මං එද්දි එයා ලැප් එකේ ලොකු වැඩක හිටියේ..

"බබා නිදිද.....?"එයා මං දිහා නොබලම ඇහුවා..

"ඔව් හියුන්ග්...."

"හ්ම්...."

"හියුන්ග්..ඔයා ලොකු වැඩක් ද....?"
මං තව ටිකක් හියුන්ග් ළගට යන ගමන් ඇහුවා..

"ඔව් ඇයි....?"එයා තාම මං දිහා බැලුවෙ නෑ..

"පොඩි දෙයක් ගැන කතා කරන්න...."

"හ්ම්....කියන්න...."

"ඔයා ෆ්‍රී උන වෙලාවට කියන්නම්....."

මං එහෙම කියලා එතනින් එන්නයි හැදුවෙ..ඒත් හියුන්ග් මගෙ අතින් අල්ලගත්තා..

"කොහෙද යන්නේ...මං ළගට වෙලා ඉන්න....."
එයා කියද්දි මං එයාගෙ මූණ දිහා බැලුවෙ පුදුමෙන්..

"ආ......?"

එයා මාව එයාගෙ උකුල උඩට වැටෙන විදියට ඇදලා ගත්තා.. ලැජ්ජාවට මං රතු වෙන්නැති..මං එයාගෙ බෙල්ල අස්සෙ මූණ හංගගත්තා..එයා එයාගේ පාඩුවෙ වැඩ කරන්න ගත්තා..

ටිකකින් මං එයාගෙ දකුණු කන් පෙත්ත සිනිදුවට පිරිමදින්න ගත්තා..එයා මං දිහා බලාගෙන ඉන්නවා කියලා තේරෙද්දි මං ඒක නවත්තලා දාලා තවත් එයාගෙ බෙල්ල අස්සෙ මූණ හංගගත්තා...

එයා මගෙ අත අරගෙන කන උඩින් තිබ්බෙ ඒ වැඩේ කරන්න කියන්න වගේ..මං එයාගෙ ඇස් දිහා බැලුවම එයා ලස්සනට හිනා වෙලා මගෙ නහය උඩින් හාදුවක් තිබ්බා..

මගෙ කම්මුල්වල ලේ පිරෙනවා වගේ දැනෙද්දි මං ආයෙමත් එයාගෙ බෙල්ල අස්සෙ මූණ හංගගත්තා..

එයා එයාගෙ වැඩ ටික ආයෙමත් කරන්න ගත්තා.. ටිකකින් එයා එයාගෙ වැඩ ටික ඉවර කරලා මට කතා කලා..

M̸ A̸ R̸ R̸ I̸ A̸ G̸ E̸ | ᴊɪᴋᴏᴏᴋ |ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ シ︎ Donde viven las historias. Descúbrelo ahora