පොඩ්ඩා ගෙදර ආපු වෙලේ ඉදන් කලේ මාත් එක්ක සෙල්ලම් කරන එක..පොඩි වුනාට හොදටම දාංගලේ...ගේ පුරා දුවද්දී මං බයේ ඉන්නේ වැටිලා තුවාල වෙයි කියලා..
"පැටියෝ ඇති නේද... අපි වොෂ් එකක් දාමු...එන්න යමු....."
මං කතා කරද්දී පොඩ්ඩා ඇවිත් මගෙ අතේ එල්ලුනා..
"හලි අපි යමු....."
මං පොඩ්ඩව වඩාගෙන වොෂ් දාන්න එක්කගෙන ගියා.. ජන්ග්කුක් ඒ දිහා බලාගෙන ඉන්නවා මම දැක්කා...
මං පොඩ්ඩව වොෂ් කරවලා එයාට ඇඳුමක් අන්දලා එයාට කවන්න ගත්තා.. පොඩ්ඩා ඔක්කොම කෑවා..එයා සතුටින්...
පොඩ්ඩා එයාගෙ ස්කූල් හෝම්වර්ක් කරලා ආයෙමත් සෙල්ලම් කලා...හොදටම මහන්සි වෙලා පොඩ්ඩා මගෙ උකුල උඩම නිදාගත්තා..
මං පොඩ්ඩවත් අරගෙන එයාගෙ රූම් එකට ආවා..මං දන්නවා අපි දිහාවට ඇස් දෙකක් යොමු වෙලා තියෙනවා කියලා...ඒකට මං කැමතියි...එයා බලාගෙන ඉන්න එකට...
මං පොඩිඩව වඩාගෙන ඇවිත් ඇඳ උඩින් තිබ්බා..එයා හා පැටියෙක් වගේ දොයි...හරි හුරතල්...
මං ආපහු යන්න හැරුනම දොර ළග හිටගෙන හිටයෙ ජන්ග්කුක්..එයාව එහෙම දැක්කම මාව අපහසුතාවට පත් නොවුනා කිව්වොත් ඒක බොරුවක්...එයාගෙ ඇස් කෙලින්ම මගෙ දිහාවට එල්ලවෙලා තිබ්බා...මං එයා දිහා බැලුවේ නෑ...මට ලැජ්ජයි..
එයා ටික ටික මං ළගට ඇවිදගෙන ආවා..මං කලේ පස්සෙන් පස්සට යන එක... අන්තිමට මං නතර උනා බිත්තියටත් එයාටත් හිර වෙලා..
"මං දිහා බලන්න ඒන්ජල්...."
එයා හිමීට මුහුණද්දි මට ඒ දිහා බැලුනා...එයා ටික ටික මගෙ ළගට ආවා...මගෙ හදවත වේගයෙන් ගැහෙන සද්දෙත් එයාට ඇහෙනවා ඇති... කවදාවත් නැතුව මං අද නොසන්සුන් වෙලා...
"පුතාගේ තීරණේ හරියටම හරි කියලා මට තේරෙනවා...ඔයා තමයි හරිම කෙනා....එයාව හොදට බලාගන්න ජිමින්...."
මගෙ කනට කොදුරපු ජන්ග්කුක් එතනින් යන්න ගියා...මගෙ හිතට අමුතු හැඟීමක් දැනෙද්දි මං කාමරේට දුවගෙන ගියා...
"මොකක්ද මට මේ දැනෙන අමුතු හැඟීම....?"
𖧷𖧷𖧷
YOU ARE READING
M̸ A̸ R̸ R̸ I̸ A̸ G̸ E̸ | ᴊɪᴋᴏᴏᴋ |ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ シ︎
Short Story"ඇයි අප්පා මට මෙහෙම සලකන්නේ...මම කරපු වරද මොකක්ද...මම අප්පගෙ දරුවෙක් නෙමෙයි ද...?" -Park Jimin🥀 Start - 2021/10/11 Finish - 2021/10/13