_16_

2K 478 27
                                    

පොඩ්ඩා රූම් එකෙන් ගිහාම ජන්ග්කුකුත් හැදුවෙ රූම් එකෙන් යන්න...මං එයාට කතා කලා..මොකද මට එයාගෙන් දැනගන්න දේවල් තිබ්බා..

"ඉන්න......"
එයා මං දිහා බැලුවා...

"ඇයි....?"

"ඔයාගෙ වයිෆ්ට මොකක්ද උනේ...?"මට තිබ්බ ලෙකුම ප්‍රශ්නෙ ඒක..

එයා මං ළගට ආවා...මගෙ එහා පැත්තෙන් වාඩි උනා..

"ලීහි......එයා ඇක්සිඩන්ට් එකකින් නැති වුනා...."

එයා බිම බලාගෙනමයි කිව්වෙ...එයාට දුක හිතෙන්නැති....එයාලා ගොඩක් ආදරෙන් ඉදලා වගේ... ජන්ග්කුක්ගෙ මූණ වෙනස් වෙච්ච විදියට මට ඒක තේරුණා..

"මට සමාවෙන්න....ඒ ගැන ඇහුවට...."
මං එයාගෙ උරහිසට අත තියලා කිව්වා..

"හ්ම්....කමක් නෑ...ඔයා මේවා දැනගන්න ඕනෙ...ඔයාට තව මොනාද දැනගන්න තියෙන්නේ..?"
එයා මං දිහා බලාගෙන ඇහුවා..

"ඔයා මාව මැරි කලේ ඇයි...?"

"රෝවොන් නිසා....මගෙ පුතා තමයි ඔයා ගැන කිව්වේ...එයා මිනිස්සු එක්ක එච්චර කතා කරන කෙනෙක් නෙමෙයි..ඒත් මොකක්දෝ මන්දා හේතුවකට එයා ඔයාට කැමති වෙලා...පාක් එකේ ඉදන් ගෙදර ආපු වෙලේ ඉදන් ඔයා ගැනමයි කියෙව්වෙ...එයාගෙ බර්ත් ඩේ එකට එයා විෂ් කලේ එයාගෙ ඒන්ජල්,ඒ කියන්නේ ඔයාව මේ ගෙදරට ගේන්න කියලා...සෝ ඒකයි මං ඔයාව මැරි කලේ..නැතුව ඔයත් එක්ක නිදාගන්න තියෙන අමාරුවකට නෙමෙයි....එයා ඔයාව දැක්ක වෙලේ මූණෙ තිබ්බ සතුට මං දැක්කා... පුලුවන් නම් එයාට ඔම්මා කෙනෙක් වෙන්න... එච්චරයි ඕනෙ.. "

එයා ඒ ටික කියලා රූම් එකෙන් යන්න ගියා...

මට මං ගැන දැනුනෙ මහ වරදකාරී හැගීමක්...ඒ මනුස්සයා ගැන වැරදියට හිතපු එක ගැන... අර්ර්ර්ර්ර්ග්...මං කොච්චර හිතින් බැන්නද එයාට...

ඒත් එයා ඊයෙ රෑ කරපු දේ...ආෂ්...ඒකත් ඉතින් මගෙ මුරණ්ඩුකම නිසානෙ....එයත් එක්ක කතා කලානම් එහෙම නොවෙන්න තිබුණා..

ආආහ්....ඉට්ස් ඕකේ...ඒක අමතක කරලා දාන්න ජිමින්...කලින් හිටපු අපායට වඩා මේ ගෙදර කොච්චර හොඳද..මේ සේරම බනී බෝයි නිසා...අයි ලව් හිම්..

මේ දේවල් හිත හිතම මං බාත්රූම් එකට ගිහින් වොෂ් එකක් දාගත්තා...

කලින්ට වඩා මම සතුටින්...!!



𖧷𖧷𖧷

M̸ A̸ R̸ R̸ I̸ A̸ G̸ E̸ | ᴊɪᴋᴏᴏᴋ |ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ シ︎ Where stories live. Discover now