_4_

2K 457 19
                                    

මට තවත් මේ දේවල් දරාගන්න බෑ..නොදන්න කෙනෙක් එක්ක ජීවත් වෙනවට වඩා මෙහෙන් පැනලා යන එක හොඳයි..

එහෙම හිතලා මං මගෙ ෆෝන් එක අතට ගත්තෙ එයාට කෝල් කරන්න..මගෙ බෝයි ෆ්‍රෙන්ඩ්...කිම් ටේහියුන්ග්...

"එයා මට උදව් කරයි...මාව මේකෙන් බේරෙගනියි...එයා මට ආදරෙයි නෙ....."

එහෙම හිතලා මං එයාට කෝල් කලා..ඒත් ටේ කෝල් එක ආන්ස්වර් කලේ නෑ...සමහර විට එයා බිසී ඇති...මම වගේ නෙවෙයි නෙ...එයාට ගොඩක් වැඩ තියෙනවනෙ...

කෝල් එක කට් උනාම මම ආයෙමත් කෝල් කලේ එයා කෝල් එක ආන්සර් කරයි කියලා පුංචි බලාපොරොත්තුවක් තියාගෙන...

ඒත් එයා ආන්සර් කලේ නෑ...

"හ්ම්....කමක් නෑ...."

බැරිම තැන මම එයාව හම්බවෙන්න යන්න තීරණේ කලා.. බාත්රූම් එකට ගිහින් කදුළු ටික හෝදගෙන මං ටේව හම්බවෙන්න එලියට ආවා..

හොඳම දේ තමයි මට ගෙදරින් එලියට බහින්න තහනම් කරලා නැති එක..මං ගෙදරින් එළියට එද්දී අප්පා ගෙදර හිටියේ නෑ...ඒකත් මගෙ වෙලාව....

ගෙදර මේඩ් කෙනෙක්ට කියලා මං එළියට බැස්සෙ මං කාටවත් කියන්නැතුව ගෙදරන් ගියොත් මට හොදටම ගහයි කියලා බයට..

පාර දිගේම මං ඇවිදගෙන ආවෙ ටේ වැඩ කරන කොෆි ෂොප් එකට...ටේ කියන්නේ සල්ලිකාර කොල්ලෙක් නෙමෙයි..ඒත් එයාට හොඳ හිතක් තියෙනවා..මාත් එක්ක කතා කරන විදිහෙන් මට ඒක පේනවා..

එයාව මට හම්බුනේ යුනිවර්සිටි ඉවර වෙලා පයින් ගෙදර යන වෙලාවක...එදා හොදටම වැස්ස...පාරෙ තෙමි තෙමි ගියපු එයාව දැකලා මට දුක හිතුනා.. ඒකයි මං එයාව කුඩේ යටට ගත්තෙ...එදා තමයි මට ටේව හම්බුනේ..

එයා මාත් එක්ක කතා කරලා මගෙ විස්තර අහගත්තා..මං සල්ලිකාර පවුලක කොල්ලෙක් කියලා එයා දැනගත්තා..

එදයින් පස්සේ දවස් දෙකක් විතර මට එයාව හම්බුනා...අපි හොදට කතා කලා..දවසක් එයා මට ආදරෙයි කියලා කිව්වා..

අප්පගෙන් ආදරේ ලැබෙන්නැති මට ඒක මහමෙරක් වගේ වුනා...මමත් එයාට කැමති වුනා...

අපි ආයෙමත් හමුවුනා.. ගොඩක් දේවල් කතා කලා..එයා වැඩ කරන්නෙ කොෆි ෂොප් එකක කියලා මම දැනගත්තා...ඒක යුනිවර්සිටි එක ඉස්සරහ කොෆි ෂොප් එක..

මිනිස්සුන්ව ආශ්‍රය කරලා නැති වුනාට මට එයා හොඳ කෙනෙක් කියලා තේරුණා..එයා කතා කරන විදිහත් එක්ක..

මේ දේවල් හිත හිත මම කොෆි ෂොප් එක ඉස්සරහට ඇවිදගෙන ආවා..තාම හවස හතරයි නිසා එයා තාම එතන ඇති..

කොෆි ෂොප් එක ඇතුලෙ ටේ ඉන්නවා මම දැක්කා...මම ෂොප් එක ඇතුලට දුවලා යන්නයි හැදුවෙ..

ඒත් එකපාරටම මම දැකපු දේ නිසා මගෙ හදවත කෑලි කෑලි වලට කැඩෙනවා වගේ හැගීමක් දැනුනා...

"එයා කොහොමද එහෙම කරන්නෙ....?"






𖧷𖧷𖧷

M̸ A̸ R̸ R̸ I̸ A̸ G̸ E̸ | ᴊɪᴋᴏᴏᴋ |ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ シ︎ Donde viven las historias. Descúbrelo ahora