මට උදේ ඇහැරුනේ මගෙ ඔලුව කවුරුහරි අතගානවා කියලා තේරෙද්දි.. හරියට මට දැණුනෙ මගෙ ඔම්මා මගෙ ඔලුව අතගානවා වගේ..මං තවත් ඇස් තද කරගත්තෙ දැනෙන සනීපෙට...
ම්ම්ම්... ඔම්මා...අයි මිස් යූ.....
මං තවත් ඒ උණුසුමට ගුලි උනා..
"වේට්....!! කවුද මගෙ ඔලුව අතගාන්නෙ... ඔම්මා, එයා මේ ලෝකෙ නෑනෙ... එහෙනම් කවුද මේ..."
එහෙම හිතන ගමන් මං ඉක්මනට ඇස් ඇරලා බැලුවා...මගෙ ඉස්සරහ තිබ්බෙ මූණක්...එයා....එයා හරියට මම ඊයෙ මැරි කරපු මනුස්සයා වගේ...එයා මං දිහා බලාගෙන හිටියා..
මං ආයෙමත් ඇස් පියාගෙන නිදාගත්තෙ උදේම මට මොන පිස්සුවක් ගහලද කියලා හිතන ගමන්..
"මොකක්...!!!මං කාගෙ පපුව උඩද මේ ඉන්නෙ...."මං ආයෙමත් ඇස් ඇරලා එයා දිහා බැලුවා..එයා මට හිනා වුනා..
"ගුඩ් මෝනින් ඒන්ජල්...."
එයා මගෙ නළලෙන් කිස් එකක් තියලා කිව්වා..මං ආයෙමත් ඇස් පියාගත්තෙ මේක නම් මහ මෝඩ හීනයක් කියලා හිතන ගමන්...
"වේට් වේට් වේට්.....!! මේක හීනයක් නෙමෙයි.."
මං ඇස් ඇරලා එයා දිහා බැලුවා..එයා තාමත් මගෙ ඔලුව අතගානවා..
"ආආහ්...එහාට යනවා...මං කිව්වනෙ මාව අල්ලන්න එපා කියලා..."
කෑගහන ගමන් මං එයාගෙ පපුවෙන් ඈත් වුනා..
"මගෙ ළගට ආපු හින්දනෙ ඇල්ලුවෙ...."
"ප්ෆ්ෆ්ට්...මං ඔයා ළගට ආවෙ නෑ..."
"ඔයා තමයි මගෙ ළගට ආවෙ බේබි බෝයි...ඔයා උදේ වෙනකම් හිටියෙ මගෙ පපුව උඩ..."
එයා එහෙම කියලා හිනා වුනා..බොරුකාරයා...මට එච්චර අමාරුවක් නෑ....මං එයාට රැව්වා..
ඒත් එක්කම දොරට කවුරු හරි හයියෙන් ගහන්න ගත්තා..ඒ මොකාද...???
𖧷𖧷𖧷
YOU ARE READING
M̸ A̸ R̸ R̸ I̸ A̸ G̸ E̸ | ᴊɪᴋᴏᴏᴋ |ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ シ︎
Short Story"ඇයි අප්පා මට මෙහෙම සලකන්නේ...මම කරපු වරද මොකක්ද...මම අප්පගෙ දරුවෙක් නෙමෙයි ද...?" -Park Jimin🥀 Start - 2021/10/11 Finish - 2021/10/13