Oh my god min yoongi එහෙනම් අපි ආයෙත් හම්බ උනා ..
Hospital එකේ ඇදට වෙලා ඇස්දෙක පියාගෙන හිටිය යුන්ගි ඉක්මනට ඇස්දෙක ඇරල බැලුවේ ඒ කටහඩේ හුරුපුරුදු බවක් දැනුන නිසා.
ඒ කතා කරන ලස්සන ඇස්දෙක අදුරගන්න යුන්ගිට වැඩි වෙලාවක් ගියේ නෑ . එයා ගොඩක් වෙනස් වෙලා .JJ ඔයා !!!
මාව අදුරගත්ත නේ , JJ ආදරනීය හිනාවක් යුන්ගිට දාල යුන්ගි ගාවට දුවගෙන ගියේ අවුරුදු 9 පස්සේ මුන ගැහුන එයාගේ හොදටම යාලුව බදාගන්න .
කොහොම අමතක කරන්නද , අවුරුදු 9 ගිහින් තාමත් ඒ කට එහෙමමනේ , අනික උස ගිහිල්ලත් නෑ . එහෙමමයි .
අහ් මට දැන් JJ කියන්න එපා . මම මගේ ඇත්ත නම දැන් පාවිච්චි කරන්නේ මට ඔකී කියන්න .
පුදුමයි
ඒ ඉස්සර දැන් ඉතින් අපි ලොකුයි නේ
ලොකුයි , මටනම් තමා ඔයා හිටිය Size මනේ
අනේ මේ... කට වහන් ඉන්න මම තමා ඔයාගේ Doctor අද ඉදන් ඔයාට ට්‍රීට්මන්ට් කරනේ මං ඒ නිසා කට පරිස්සම් කරන් ඉන්නව හරිද .
මගේ අත ගලවයි වගේ
හිතුනොත් ගලවලම දානවා ඒ නිසා කට පියන් ඉනවා .
අවුරුදු 9 පස්සේ හම්බ උන පරන යාලුවෝ දෙන්නගේ කතාවල් හිනාවල්වලින් hospital room එක පිරිල ගියා.
අවුරුදු 9 කලින් හොදම යාලුවෝ උන යුන්ගි ඔකී එයාලගේ කාර්‍යබහුල ජීවිතේත් එක්ක ඈත් උනේ එයාලටවත් නොදැනී . අවුරුදු 9 වෙන් කරල තිබ්බ යාලුවෝදෙන්නෙක් ආයෙත් දෛවය විසින් ලං කලේ මොනවගේ දේකටද කියල කවුරුවත් දැනගෙන හිටියේ නෑ.