ටේ ගියාට පස්සේ ඔකී බැලුවේ ටේ ඇද උඩ දාල ගිය බෑග් එක දිහා . ඇදේ ඉදගෙන බෑග් එක බැලුව ඔකී දැක්කෙ ලස්සන සුදු පාට මිනි ඩ්‍රෙස් එකක් . ගවුම අත් දෙකටම අරන් ඒක දිහා බලපු ඔකී
ලස්සනයි
ගවුම ගොඩක් ලස්සනයි . බෑග් එක ඇතුලේ සපත්තු දෙක වගේම එයාට ඕනෙ කරන ඔක්කොම තිබ්බා. ගවුම් අදින්න එච්චර කැමැත්තක් නොතිබ්බත් ඒක ලස්සන නිසාම ඔකීට ඇදල බලන්න හිතුනා.
ඒක ගොඩක් ලස්සනයි . ඔකීගෙ ඇගේ ගානටම ඔකී කණ්නාඩිය ඉස්සරහ වටයක් කැරකිල බලාගෙන හිටියේ එයා දිහාමයි.
ඒ ගවුම දිහා බලන් ඉන්නකොට ඔකීට මතක් උනේ නම්ජූන්ව . ඒ මොකද නම්ජූන් කැමතිම පාට සුදු .නම්ජූන් මේක ඔයාගේ වැඩක් නේද
ඔකීට ගවුම දැක්කහම ඒක තේරුනා . මේ පාට . මේ style එක , ඔයා කැමතිම දේවල් අනික මගෙ සයිස් . ඔකීට වැඩි වෙලාවක් ගියෙ නෑ මේක නම්ජූන් තෝරපු ගවුමක් කියල තේරුම් ගන්න .ඔකී ආයෙත් ගවුම ගලවල දාන්න හැදුවත් කාමරේට ආවෙ එයා ඒ වෙලාවෙ කීයටවත් බලාපොරොත්තු උන කෙනෙක් නෙවෙයි .
ඔයා ලස්සනයි ඔකී ගොඩක් .
නම්ජූන්
කාමරේට ආපු නම්ජූන් දැක්කහම ඔකීට හිතාගන්න බැරි උනා
ඔකී , නම්ජූන් තාමත් හිටියේ එකිනෙකාගේ ඇස් වල අතරමං වෙලා .
ඔකී දැක්ක ඉස්සර වගේම නම්ජූන්ගෙ ඇස්වල ඒ ආදරේ . ඉස්සර වගේම කිසි අඩුවක් නැතුව පිරිල තියෙනවා .කදුලු පිරුණු ඇස්දෙකෙන් නම්ජූන් ඔකී දිහා තාමත් බලන් ඉන්නව . එයාගේ එකම ආදරේ . තව ටික වෙලවකින් හැම දේම ඉවර වෙලා යනවා , නම්ජූන් ඒක හොදටම දන්නව . මේ වෙලාවෙ ඕනෙ හැමදේම අතාරින්න උනත් නම්ජූන් තව තවත් ඔකීට ආදරේ කලා . ඔකී දකින තප්පරයක් ගානෙ එයාගෙ ආදරේ අලුත් උනා.
ඔයත් අද ගොඩක් handsome ජූනී ,
ෆුල් සූට් එක අදල ඉන්න නම්ජූන් වෙනදට වඩා ලස්සනට පෙනුනා. කෝට් එකේ සාක්කුවෙ තිබ්බ මල් ඉත්ත දැක්කහම හැමදේම තේරුන ඔකී කිසි දෙයක් නොතේරුන ගානට නම්ජූන්ට එයාගේ තියෙන ලස්සනම හිනාව පෙන්නල අත් දෙක දික් කලේ එයාගාවට එන්න කියන්න.