8 years letar
Jiho දැන් ඇති ඔය මෙහාට එන්න
ඔයා ලෙඩ වෙයි වතුරෙ ඉදලමමුහුදු රැල්ලත් එක්ක සෙල්ලම් කර කර ඉන්න එයාගෙ පුතාට කතා කරපු ඔකී ෆෝන් එක අතටගත්තේ වෙලාව බලන්න .
පුතා එන්න අපියන්නඕනේ රෑ වෙන්නත් ඇවිත් .
ඒත් අම්ම තව ටිකක් වෙලාමෙහාට එන්නකො මෙතනින් ඉදගන්න අපි දෙන්න ඉර බහිනව බලගෙන ඉම්මු මෙතන ඉදගෙන .
අම්මා අපි ආයෙත් බීච් එන්නෙ කවද්ද
අම්මට නිවාඩුවක් හම්බ උන ගමන් එමු .අනිත් ලමයි නම් හැම වීකෙන්ඩ් එකකමඑයාලගෙ අම්මයි තාත්තායි එක්ක බීච් එනව පික්නික් යනව මම තමා එකම කෙනා වීක් එන්ඩ් එකේ ඩේ කෙයා එකෙයි හොස්පිටල් එකෙයි ඉන්න එකම ළමයා .
ඔයාගේ අම්ම ගොඩක් බිසී ඩොක්ටර් කෙනෙක්නේ ජිහො අම්මට සමාවෙන්න හොදද මම ඔයාව පික්නික් එකක් එක්කන් යන්නම්කො .
අම්මා මං ආයෙ හොස්පිටල් එන්නේ නෑ මං ඩේකෙයා එකේම ඉන්නව මට එහෙ හොදයි
ඒ මොකද ඔයා ආසයිනේ හොස්පිටල් එන්න
ජන්කුක් අන්කල් එක්ක බෑ එයා මට ඕනේ සෙල්ලම නෙවෙයි කරන්නේ එයාට ඕනේ සෙල්ලම අනික එයා හොර කරනාවා
ඉන්නකො මං ජන්කුක් අන්කල් අල්ලගන්නම්කො
හොද අම්මා
ජිහො එයාගෙ පුංචි අත් ඔකී වටේ යවල ඔකීට තුරුල් උනා .ජීහො ඔකීගේ එකම ලෝකේ .
අම්ම දන්නවද අද අමුතු දෙයක් උනානේ
තාම අවුරුදු 9 උන ජීහො එයාගේ වයසෙ අනිත් ළමයිට වඩා ටිකක් වෙනස් කෙනෙක් උනා . ඉස්කෝලේ වැඩ වලින් කතා බහින් උනත් එයාගෙ වයසෙ අනිත් ළමයින්ට වඩා ගොඩක් ඉස්සහින් ජිහො හිටියේ
මොකක්ද උනේ
අද අපේ පන්තියට අලුතෙන් ළමයෙක් ආව එයා ඇමරිකා වල ඉදල තියෙන්නේ.
ඉතින්
හැමෝම කියනව එයයි මමයි එක වගේ කියල
එහෙම අය ඉන්නවනේ පුතා . එක වගේ ගොඩක් අය ඉනව
නෑ අම්ම අහන්නකො අපි දෙන්න ගොඩක් එක වගේ . අපේ නමුත් එක වගේ ,
එයා කිම් ජිහු
මම මින් ජීහො