chapter #9

886 193 19
                                    

" ඔය දෙන්නට මේ ගැන තව මොනව හරි කියන්න තියෙනවද ?"

" නෑ ඩොක්ටර් hoseok , අපිට සමාවෙන්න "
Jungkook වගේම ඔකී බිම බලාගෙනම කතා කලා .

" Jimin , jay ඔය දෙන්න දැන් යන්න පේශනන්ට සිහිය එනකම්ම අපිට කියන්න බැ මේ ඔපරේෂන් එක සාර්ථක වුනා කියල . ගිහින් පේශනගේ තත්වෙ බලලා එන්න ."

" ඔය දෙන්න මට උන දේ පැහැදිලි කලොත් හොදයි. "

" ඩොක්ටර් hoseok , කුකීගෙ වැරැද්දක් නෑ ඒක මගෙ අතින් උන වැරැද්දක් . මගෙ අතින් වැරදි තැනක කැපුමක් ඇතිවුන නිසයි බ්ලීඩ් උනේ . "

" Jungkook ඔයත් යන්න ගිහින් පේශන්ව චෙක් කරල එන්න. "

" ඔකී ඉදගන්න මට ඔයා එක්ක කතා කරන්න ඕනේ "

" ඩොක්ටර් අයිම් සොරි . මට හිතාගන්න බැරි උනා මොකක්ද උනේ කියල එවලේ . කවදාවත් නැතුව මගෙ අත වෙව්ලන්න ගත්තා. "

" ඔකී මටත් ඔයා වගේ ටැලන්ටඩ් ඩොක්ටර් කෙනෙක් අතින් මෙහෙම දෙයක් උනා කිව්ව්හම හිතාගන්න බැරි උනා . ඔයාට මොකක් හරි ප්‍රශ්නයක්ද ? මොකද මම ටික දවසක ඉදන් ඔයාගේ හැසිරීමෙ වෙනසක් දැක්ක . "

" සොරි ඩොක්ටර්. "
ඔකී මොකුත් කියන්නෙ නැතුව බිම බලාගත්තා.

" හරි ඔකී , මොකුත් උනේ නෑනේ ඒ නිසා දැන් ඒ ගැන හිතන්න එපා. අමතක කරන්න එපා ඔයා ඩොක්ටර් කෙනෙක් . ඒ නිසා ඔක්කොටම කලින් ඔය රිලැක්ස් වෙලා ඉන්න. "
Hoseok ඔකීගේ පිටට තට්ටුවක් දාන ගමන් රූම් එකෙන් එලියට ගියා.


ඔකී තාමත් හිටියේ පුටුවට වෙලා අත් දෙකෙන්ම ඔලුව බදාගෙන . ඔකීට හිතාගන්න බැරි උනා එයාට මොකක් උනාද කියල . එයාගේ අතින් මේ වගේ වැරැද්දක් උන පලවෙනි වතාව .

ඒකට හේතුවත් එයා හොදටම දන්නවා . කොච්චර අමතක කරන්න හැදුවත් ඔකීට නම්ජූන්ව මතක් වෙන එක නවත්තගන්න බැරි උනා . එයා කරපු වැරදි වලට එයාටම සමාවදෙන්න බැරුව ඔකී ගොඩක් පසුතැවුනා. නම්ජූන්ගෙ ආදරේ එක්ක කරපු සෙල්ලම නිසා ඔකී ගොඩක් දුක් උනා . මේ දෙවල් නිසා ඔකී හොදටම හෙම්බත් වෙලා හිටියේ. ඔපරේෂන් එක වෙලාවේ පවා ඔකී හිටියේ හොද සිහියෙන් නෙවෙයි නිසා එයා අතින් ලොකු වැරැද්දක් උනත් doctor hoseok නිසා එයාලා බේරුනා.











Closer 💕⚠️️[ Complete ]Where stories live. Discover now