ආආආහ්හ්හ්හ්හ්.....
එලාම් එක වදින සද්දෙට නැගිට්ට ඔකී එයාට එහා පැත්තේ කවුරු හරි නිදාගෙන ඉනව දැකල බය උන පාර කෑ ගැහුවේ ගේ දෙවනත් වෙන්න .අහ්හ් කෑ ගහන්න එපා මේ මං
යුන්ගි ඔයා කොයි වෙලේද ආවෙ
මං පාන්දර ආවෙ
මගෙ ඇදේ මොකද කරන්නෙ
ඇස් දෙකත් පොඩි කරන් පොඩි තරහක් අරන් ඔකී යුන්ගි දිහා බැලුවා .මගෙ කාමරේ , මගෙ ඇද , අමතක උනාද
අශ්ශ්ශ්හ්...
මොකුත් නොකියා යුන්ගිට නිදාගන්න දීල ඔකී ගියෙ වොශ් දාගන්න .යුන්ගි මේ අහන්නකෝ මට කියන්න දෙයක් තියෙනවා
වොශ් දාගෙන ඔලුව පිහදදා එන ඔකීව දැකල යුන්ගිට කෙල ගිලුනා . ඕවර් සයිස් ටීශර්ට් එකයි ශෝට් එකයි ඇදල උරහිස ගාවට තියෙන කොන්ඩෙ තෙත බේරෙනවා . මොකුත් නොකියා ඔකී දිහා බලන් හිටිය යුන්ගි ඉක්මනට අහක බලාගත්තේ ඔකී කතා කරද්දිමයි.
ඕ කියන්න
ඔකී දිහා බලන්න බැරි නිසා ෆෝන් එකට ඔලුව ඔබාගන්න ගමන් යුන්ගි කතා කලා .මට තවත් අම්මලට බොරු කරන්න බෑ . අපි එයාලට ඇත්ත කියමු .
හ්ම්ම්ම් බලමුකෝ
බලමු කියන්නේ , ඔයාටනම් මොකද ඔයා ගෙදර එන්නෙ සති ගානකට සැරයයි . මම කොහොමද අම්මලගෙ මූන බලන් මෙහෙම බොරුවක් කරන්නෙ
හ්ම්ම්ම් ...
දෙන්න උත්තරයක් නැති නිසා යුන්ගි කලේ ෆෝන් එක දිහා බලන් හ්ම්ම්ම් ගාපු එක විතරයි .එදා සිද්දියෙන් පස්සේ යුන්ගි ඔකීව අරන් ආවෙ එයාලගෙ අම්මලගෙ ගෙදර , ඔකීව එයාගාවින්ම තියාගන්න ඕනේ නිසාත් , ඒ දවස් වල ඔකී හිටපු තත්වෙ අනුව ඔකී හැමදේම දාල යයි කියන බයට වගේම යුන්ගිට ඔකී ගැන හැම වෙලේම බලන්න බැරිවෙන නිසා යුන්ගි ඔකීව එයාගේ ගෙදර එක්කන් ගිහින් අම්මලට කිව්වේ එයාල මැරි කලා කියල . මුලින්ම ගෙදර අය විතරක් දැනගෙන හිටපු දෙයක් උනත් පස්සේ පස්සේ යුන්ගි ඔකීව මැරි කරල කියන නිව්ස් එක හැම තැනම පැතිරෙන්න ගත්තත් සමහර ඒක විශ්වස කරද්දී සමහරු ඒව විශ්වස කලේ නැ