"නම්ජූන් අයින් වෙන්න "
" බැහෑ "
" අයින් වෙන්න කෝ මට යන්න ඕනේ කවුරු හරි එයි "
" කවුරු එන්නද මේක මගේ room එක "
ඔකී හිටියේ නම්ජූන්ගෙ ටේබල් එක උඩ . නම්ජූන් හිටියේ ඔකීගේ උරහිස අස්සෙන් ඔලුව තියන් ඔකීගේ ඇදුම කටින්ම එහෙට මෙහෙට කරනගමන් ඔකීගේ බෙල්ලට වගේම උරහිසට wetkiss තියන ගමන්
" නම්ජූන් .. "
" තව ටිකක් මෙහෙම ඉන්න දගලන්නේ නැතුව "
නම්ජූන් එයාගේ වැඩේ කරන ගමන් ඔලුවවත් උස්සන්නේ නැතුව කිව්වා.ආව්ව්ව් ... එපා හයිකීස් තියන්න මට වෝඩ් එකට යන්නත් තියෙනවා පේශනන්ස් ලාට පෙනෙයි.
"කමක් නෑ එත්කොට කට්ටිය දැනගනී ඔයාට අයිතිකාරයෙක් ඉන්නව කියල "
" මේ මොකද මේ "
නම්ජූන් සාමාන්‍යයෙන් මෙහෙම කතා කියන්නේ නැති නිසා ඔකී පුදුම උනා.
ඔකී නම්ජූන්ගෙ උරහිසට අත් තියල එයාව පුළුවන් තරම් වෙර දාල පොඩ්ඩක් ඈතට කලා . නම්ජූන් ඔකීට වඩා ගොඩක් උස මහත නිසා නම්ජූන්ගෙන් ගැලවෙන එක ඔකීට ටිකක් අමාරු වැඩක් ." මට ඉරිසියයි , මට පාලුයි , මට ඔයාව මතක් වෙනවා . ඔයා ගොඩක් වෙලාවට ඉන්නේ පේශන්ස්ලත් එක්ක . අනික අපි දෙන්න ගොඩකාලෙකින් .. "
ආයෙත් ඔකී ගාවට ආව නම්ජූන් ඔකීගේ කකුල් අතරේ හිටගෙන එයාව තුරුල් කරගත්තා. ඔකීත් එයාගේ කකුල් නම්ජූන්ගෙ ඉනවටේ යවල නම්ජූන්ට තුරුල් උනා .
ගොඩකාලෙකින් ... මොකක්ද ...
ඔයා දන්නවනේ මම කියන එක,
"කවද ඉදන්ද ඔච්චර නරක් උනේ අහ් .."
ඔකී නම්ජූන්ගෙ අත කොනිත්තන්න ගමන් ඇහුවේ. ඉස්සර නම්ජූන් ඔහොම දේවල් කියන්න ටිකක් ලැජ්ජයි, යාලු උන මුල් කාලේ නම්ජූන් ඔකීගේ අතින් ඇල්ලුවෙත් ඔකීගෙන් අහල.