chapter #7

1K 207 37
                                    

" මට මේක කලින්ම හිතුන  ඒත් උබම බලපම්කො "

ජැක්සන් රිපෝට්ස් ටික නම්ජූන්ගෙ අතට දුන්න ගමන් නම්ජූන් ඒටික බලාගෙන බලාගෙන ගියේ ගොඩක් කලබලෙන් .

"  Fibroids .....??? "
එක අතකින් රිපෝට්ස් ටික උන්ඩිකරගන්න ගමන් නම්ජූන් ඔකීගෙ අතින් අල්ලගත්ත .

" කෝ ඕක දෙන්න මෙහාට "
ඔකී නම්ජූන්ගෙ අතින් රිපෝට්ස් ටික ඇදල අරන් බලන්න ගත්ත .

ඔකීගේ ඇස් වලට කදුලු පිරෙනවා දැක්ක නම්ජූන් ඔකීගෙ  අත එයාගෙ අතේ ඇගිලි වල පටලවන් ඔකීගෙ අතට හාදුවක් දුන්නා. කටින් නොකිව්වත් නම්ජූන් ඒ හද්දෙන් කිව්වේ බය වෙන්න එපා කියල .  ඔකී නම්ජූන් දිහා බැලුවහම ඔකී දැක්ක නම්ජූන්ගෙ ඇස් වලත් කදුලු පිරිල තියෙනවා .

" උබල දෙන්න ඩොක්ටර්ස්ල නිසා මේ ගැන දන්නව තමා ඒත් මේක උබලගෙ ස්බ්ජෙක්ට් එක නෙවෙයිනේ, මේක මගෙ සබ්ජෙක්ට් එක ඒ නිසා මම මේ කියන ටික දෙන්නත් එක්කම හොදට අහන් ඉදල මට උත්තරයක් දියන් .."

" ඔකී ඔයාට මේ විදිහට බඩරිදෙන්න අරන් කොච්චර කල් වෙනවද ? "

" දැන් මාස 3 වගේ වෙනව ?"

" අන්තිමට Sexual intercourse වෙල කොච්චර කල්ද , "

" දැන් දවස් 4 කට කලින් "

" අපෝ උබ ඒක කිව්ව හැටි "
නම්ජූන් එක පාරට ඒක පැනල කිව්ව විදිහට ජැක්සන්ට වගේම ඔකීටත් හින ගියා.

" ඔකී ගොඩක් වීක් වෙලා බන් මේ බ්ලඩ් රිපෝට්ස් බලහන් බ්ලඩ් වල අයන් අඩුයි. කන්නේ නැද්ද? . උබල කොහොමද බං පේශනන්ස්ල බලාගන්නේ උබල ලෙඩ්ඩුනේ ,"

ජැක්සන් පොඩ්ඩක් අදාල දේට පිටින් කතාකරන්න හිතුවේ ඔකීගෙ මූන දැක්කහම ඔකී බය වෙලා කියල පෙනුන නිසා .

" ඔකී මේ බලන්න බය වෙන්න එපා, ස්කෑන් රිපෝට් එකේ විදිහට fibloid ගෙඩි 2 තියෙනවා වම් Fallopian tube එකේ . ඒක තියෙන්නෙ ඩේන්ජර් ප්ලේස් එකක කියල ඔයාටම තේරෙනවනේ. ඔයා කැමතිනම් අපිට ඒවා ඉක්මනට සර්ජරි එකකින් අයින් කරන්න පුළුවන් . එහෙමත් නැත්නම් ප්‍රෙග්නන්සි එකකින් පස්සේත්  අයින් කරන්න පුළුවන් .  "

ජැක්සන් වගේ නම්ජූනුත් ඔකීගෙන් උත්තරයක් බලාපොරොත්තු උනත් ඔකීගේ උත්තරයක් හම්බ උනේ නෑ .

Closer 💕⚠️️[ Complete ]Where stories live. Discover now