බිදුණු වීදුරු කටුවලින් සීරිම් වූ සිය දෑගිලි මත ජලය ගලා යද්දී දැනෙනා වූ පුපුරු ගැසීමට සමාන වේදනාව දරාගැන්මට ජන්ග්කුක් සිය යටි තොල සපාගත්තේ දැඩි අවකාශයකිනි......
නාන කාමරය තුල වූ ව සිය පහරින් බිදී ගිය වීදුරු කණ්ණාඩියේ කැබලි සියල්ල පසෙකට කල ජන්ග්කුක් නාන බේසම තුලට බැස සිය ඉණ රැදි කෙටි තුවාය පසෙකට දැමූයේ කලකීරීමෙනි.....
පොඩි කාලෙදිම ඔම්මා එක්ක හැදුණ නිසා අනාථයෙක් නූනත් ඊට එහා ලේබල් එකක් ජන්ග්කුක්ට සමාජයෙන් දීලා තිබුණා......
"අවජාතකයා"
ජන්ග්කුක් දන්න කාලෙ ඉදන්ම එයාට අප්පෙක් ඉදියෙ නෑ වගේම එයාත් ඔම්මගෙන් කවදාවත් ඒ ගැන අහන්න ගියේ නෑ.....ඒකට එකම හේතුව අප්පා ගැන මතක් කරද්දිත් ඔම්මාගෙ ඇස් වල එන කදුළු.... ජන්ග්කුක් කැමති වුණේ නෑ තමන්ගෙ ඔම්මාගෙ කදුළු දකින්න කවදාවත්ම.....මොකද මේ ලෝකෙ ජන්ග්කුක්ට කියලා ඉදපු එකම කෙනත් ඔම්මා නිසා.....
ඉගෙන ගන්න දක්ෂ වුණත් ආස වුණත් ජන්ග්කුක් අවුරුදු දාසයෙන් තමන්ගෙ පාසල් ගමන ඉවර කලේ ඔම්මාට තවත් බරක් වෙන්න බැරි නිසා...රෑ වෙනකන් ටී ෆැක්ට්රියෙ වැඩ කරලා හවසට ඔම්මා ගෙදර එනකොට බලන් ඉන්න ජාතියෙ පුතෙක් වෙන්න ජන්ග්කුක්ට ඕන වුණේ නෑ...ඒ නිසාම එයා රස්සාවක් හොයාගත්තා ඔම්මා කොච්චර අකමැති වුණත්....
"කුකී ඔයා රස්සාවක් කරන්න ඕන නෑ ....මට පුළුවන් තව කාලයක් මෙහෙම කරන්න......
මේ අපායෙන් ගැලවිලා යන්න පුතා ඔයා....."ඔම්මා කොච්චර කිව්වත් ජන්ග්කුක් රස්සාවක් හොයාගත්තා...ඒ මියුසික් ඉන්ස්ට්රෘමන්ට්ස් ෂොප් එකක....ජන්ග්කුක්ට තිබුණෙ ඒවා පිහදාන්න අස් කරන්න.... ජන්ග්කුක් එතන වැඩ කරන්න හරිම ආසා වුණා... ජන්ග්කුක්ටත් සින්දු කියන්න වගේම ලියන්නත් ලස්සන හැකියාවක් තිබුණා...ඒත් අර කැලේ මල් කැලේටමයි කියන්න වගේ ජන්ග්කුක්ගෙ හැකියාවට වැඩිය අවජාතක කම සමාජෙට ප්රශ්නයක් වුණා......
ඒත් ඔය අතරෙ ජන්ග්කුක් ඉදපු ටවුන් එකේම මියුසිකල් ෂෝ එකක මේන් සින්ග්ර් විදියට ජන්ග්කුක් ට ඉන්වයිට් කරාම එයා පුදුම තරන් සතුටු වුණා......
"ඔම්මා..... අනේ ඔම්මා මේ බලන්නකෝ....ඔයාගෙ කුකී ගායකයෙක් වෙන්න යන්නේ.....ඔම්මා"
සතුට වැඩිකමට ජන්ග්කුක් ඔම්මාවත් බදාගෙන ඇඩුවා ගොඩක් වෙලා...එයා හිතුවෙ එයාලගෙ ජීවිත වලටත් හොද කාලයක් උදා වෙන්න යනවා කියලා...ඒත් සිද්ධ වුණේ නොහිතපු දෙයක් .... ජන්ග්කුක් ෂෝ එක දවසෙ රෑ සින්දු කියන්න ස්ටේජ් එකට නැගලා මුල් සින්දුවෙ භාගයක් වගේ කියද්දි බලන්න ආපු හැම මනුස්සයාම වගේ ජන්ග්කුක්ට ගල් ගහන්න , හූ කියන්න , පටන් ගත්තෙ ෂෝ එකට ඉන්වයිට් කරපු අය පවා අසරණ වෙද්දි....ඒ ජන්ග්කුක්ගෙ සින්දුවෙ වැරැද්දක් නිසා නන් නෙවෙයි...එයාගෙ අවජාතක කම නිසා....
"අවජාතකයා .....හූඌඌඌඌ....."
"තමුන්ලා වගේ එවුන් හැමදාම එකවගේ......බහිනවා ප* යා බිමට....."
මිනිස්සුන්ගෙ ගල් පාරවල් අපහාස හූ සද්ද මැද ස්ටේජ් එකෙන් බැහැලා කෙලින්ම ගෙදර ආපු ජන්ග්කුක් නානකාමරේට ගිහිං දොර වහගත්තෙ හිතට ආපු තරහ වේදනාව දුක කලකිරීම එක්ක.....
"අප්පා මන් තමුන්ට වෛර කරනවා.....තමුන්ට වෛර කරනවා....තමුන්ට වෛර කරනවා....."
තමන්ගෙ අප්පා කෙරේ ආපු කේන්තිය වෛරය එක්කම කදුළු අතරින් නාන කාමරේ කණ්ණාඩියට ජන්ග්කුක් අත මිට මොලවලා ගැහුවෙ වීදුරු කෑලි කාමරේ පුරාම යද්දි......තමන්ගෙ අතින් එන ලේ ගැනවත් සිහියක් වේදනාවක් ජන්ග්කුක්ට තිබුණෙ නෑ.....
නාන බේසම තුල හිස පමණක් රදවා ගිල්වූ ශරීරය හරහා තමන්ගෙම ලේ එක්ක මුසු වෙච්ච වතුර ගලාගෙන යද්දි ජන්ග්කුක් බලාගෙන ඉදියෙ හිස් බැල්මකින්......
"කුකී....පුතා....අනේ එන්න පුතා.....අපි කාලා ඉමු.....මේ දොර අරින්න කුකී......මේ දොර අරින්න දරුවෝ......"
නානකාමරයේ දොරට එලියෙන් ඔම්මා කොච්චර කතාකලත් ජන්ග්කුක්ට ඒ ගැන සංවේදී බවක් තිබ්බෙ නෑ......එහෙම්මම ටික වෙලාවක් නාන බේසම ඇතුලෙ ඉදිද්දි වේදනාව අමතක වුණා එක්කම ජන්ග්කුක්ට දැණුනා තමන්ව පාවෙනවා වගේ.....ඒ එක්කම එයා ඇස් පියාගත්තා.....
අදහස් කියන්න ....හොදද නරකද....
අප්ඩේට් නන් දෙන්නෙ හෙමීට හොදේ.... ස්පන්දන ඉවර කරොත් ඉක්මනට දෙන්නන්🐵....
ශිප් නෙවේ Bl නෙවේ ...වෙනස් අමුතු එකක් සමහර විට සංවේදීත් වෙයි.......
එහෙනන් ආයෙ හම්බෙමු.....
_Shane_
YOU ARE READING
✨🍓𝚃𝚑𝚎 𝙼𝚎𝚕𝚘𝚍𝚢|| [Jikook] 🎼
Fantasy💢Only Fanfication.. සමාජයේ අවජාතක සංකල්පය දරාගැන්මට ඔහු වන් නිර්දෝෂී සියල්ලන් වෙනුවෙන් තනුවක් සැකසීය...💔 ❌No ship story