4 Chapter^

270 57 12
                                    

උදේ සේල් එකට ගොඩාක්ම කස්ටර්මස්ලා ඇවිත් ඉදපු නිසා ජන්ග්කුක්ටත් සෑහෙන මහන්සි වෙන්න සිද්ද වුණා.....ඒ නිසාමයි කලින් ගෙදර යන්න ජන්ග්කුක්ට හිතුණෙ....

"හොබියා මන් යනෝ....."

ජන්ග්කුක් තාමත් කැෂියර් එකේ වැඩ කරපු හොබියටත් අත වනාගෙනම ෂොප් එකෙන් එලියට බැස්සා......

හවස හයට වගේ තිබුණු නිසා සෝල් නුවරම පුදුම තරං ලස්සනක් තිබුණා.....ඒත් ජන්ග්කුක්ගෙ හිතේ තිබුණු අදුර මකන්න ඒ ලස්සනට අමාරු වුණා...... පාට පාට විදුලි බුබුළු මෙන්ලෝ උයනේ මායාකාරී උමතු හිනාවක් ගන්න බව ජන්ග්කුක්ට හැමදාම හිතුණු දෙයක්....එයාට හැමදාම හිතුණෙ සෝල් නුවර හැම අස්සක් මුල්ලක් ම පවා තමන්ට උපහාසෙට හිනාවෙනවා කියලා......

"තමුසෙලා මට හිනාවෙනවාද...."

ජන්ග්කුක් පාරෙ යනගමන් ඇහුවට උත්තර දෙන්න තරං උනන්දුවක් කාගාවවත් තිබුණෙ නෑ....සමහර මිනිස්සු විතරක් අමුතු විදිහට ජන්ග්කුක් දිහා බලලා යන්න ගියා.....

දවස ඉවර වෙද්දි එන කනස්සල්ල වෙනදටත් වඩා ජන්ග්කුක්ට අද දැනෙන්න ගත්තා....ඒ නිසාම බියර් ටින් සෙට් එකකුත් සල්ලි දීලා අරන් ජන්ග්කුක් හන් ගග ගාවට ගියා.......

ගගේ ඉවුරකින් වාඩිවෙලා බලන් ඉදපු ජන්ග්කුක්ට සීතල හිම තමන්ව ආදරයෙන් සිපගන්නවා වගේ දැණුනත් හිතේ තිබ්ණු උණුහුම ඒ ආදරය මකලා දැම්මා.....

බියර් ෂොට් එකක් දෙකක් වගේ වැටෙද්දි ජන්ග්කුක්ට හිතේ තියන දුකත් ලාවට වගේ අඩු වෙනවා දැණුනා.......

"කාලකණ්ණීයා.....අවජාතකයා....මූසලයා.......

ඒත් කවුරුවත් ඇයි කියන්නෙ නැත්තෙ මට දීපු ජීවිතේ නිසයි මන් කාලකණ්ණි වුණේ කියලා......මම කාලකණ්ණි නෑ.....ඇහෙනවාද තමුසෙලාට......ඇහෙනවද කියනවා.......මම කාලකණ්.....ණි නෑ......."

"ඔව් ....ඔයා කාලකණ්ණි නෑ....."

"තමුසෙ ..එ.....කවුද....."

ජන්ග්කුක් ඇහුවෙ තමන් ගාවින් වාඩි වෙච්ච තරුණයාගෙන්......කළුවරයි වෙරියි නිසා ජන්ග්කුක්ට ඒ කවුද කියලා අදුරගන්න පුළුවන් වුණේ නෑ......

ජන්ග්කුක් බලාගෙන ඉදියෙ උත්තරයක් දෙනකන්.....ඒත් ඒ තරුණයාගෙන් කිසිම සද්දයක් නෑ.....එයා ඒ විදිහටම ඈත බලාගෙන ඉදියා.......ඒ අතරෙ ජන්ග්කුක් ගෙනාපු බියර් ටින් ඔක්කොම හිස් කරන්නත් වගබලාගත්තා.....

ටික වෙලාවක් බලාගෙන ඉදලා එයා නැගිට්ටා.....

"යමු....."

"කොහෙද....."

ජන්ග්කුක් ඇහුවෙ නැගිටලා තමන් දිහාවට අත දික් කරන් ඉන්න තරුණයාගෙන්......

ඒත් ඒ කෙනා තමන්ට උත්තර දෙන්න උනන්දුවක් නෑ කියලා ජන්ග්කුක්ට තේරුණා..... ජන්ග්කුක්ගෙ අතින් ඇදලා එයාව ලගට ගත්ත තරුණයා ජන්ග්කුක්ගෙ ඉණ වටේ අත යවලා අල්ලගත්තෙ හරියට කෙලින් හිටගන්න සිහියක් ජන්ග්කුක්ට නොතිබුණ නිසා.......

"මේ....කොහෙද යන්නෙ.....ඒයි......

අපි කොහෙද...මේ යන්නෙ......"

ජන්ග්කුක් අමුත්තගෙ ඇගේ එල්ලි එල්ලි අහද්දිත් එයා කිසිම උත්තරයක් දුන්නෙ නෑ..... අන්තිමට වාහනෙන් ජන්ග්කුක් ව හාන්සි කරවලා අමුත්තා වාහනේ ස්ටාර්ට් කලා......

"ස්ට්‍රෝබෙරි ලිප්ස්.....රසයි.....ගොඩාක් රසයි......"

ජන්ග්කුක් හීනෙන් කියවලා කියවලා එහෙමම නින්දට වැටුණා.......



•••••••••••••••

සීතල උණුසුමක් එක්ක ඇගට අමුතු සනීපයක් දැනෙන්නෙ කොහොමද කියලා උදේ පාන්දර ම ජන්ග්කුක්ට හිතාගන්න අමාරු වුණා.......

"ආශ්ශ්ශ්.....මගේ ඔළුව.....ඇයි ඒක මෙච්චර රිදෙන්නෙ......"

ජන්ග්කුක් අමාරුවෙන් නැගිට්ටෙ ඔළුව අතින් තද කරන ගමන්......

"..මේ කොහෙද කොහොමද මම මෙහාට ආවෙ.... ....."

ජන්ග්කුක් කිව්වෙ ආගන්තුක කාමරේ වටේටම ඇස් යවන ගමන්....

"ආයිශ්....මුකුත් මතක නෑනෙ.... ජන්ග්කුක් තමුසෙ දැන් ගාණට වැඩී....බලනවා මේ කොහෙද කියලා දැන්වත්....."

ජන්ග්කුක් තමන්ටම බැණ බැණ ඔළුවට ගහගත්තෙ රෑ වෙච්ච මුකුත්ම මතක නැති නිසා...... අමාරුවෙන් බිත්තිය අල්ලන් නැගිටින්න ගිහිං ජන්ග්කුක් ආයෙත් ඇද උඩටම වැටුණෙ ඇගට හරියට පණක් නැති නිසා.....
















ජන්ග්කුක්ට බීලා වැඩී.....

කමෙන්ටුවක් දාන් යන්.....🙊🐵


_Zrash_🦥


✨🍓𝚃𝚑𝚎 𝙼𝚎𝚕𝚘𝚍𝚢|| [Jikook] 🎼Where stories live. Discover now