" ආයිශ්ශ්ශ්...... "
ආයෙමත් අතින් ඔලුවට ගහගෙන දෙතුන් පාරක්ම තදින් ඇස් පියාගෙන ඇරියෙ තාමත් ලාවට මත් ගතියක් දැනීගෙන එද්දි..
බොඳවෙලා තිබ්බ ඇස්වලින් ටිකෙන් ටික සාමාන්‍ය විදියට හැමදේම පේන්න ගනිද්දි ජංකුක් කෙලින්ම දැක්කෙ ඒ රූම් එකේ පැත්තකට වෙන්න තිබ්බ දොරක්.. ලාවට වෙව්ලන කකුල් වලින් ජංකුක් ඒ පැත්තට අඩිය තියන්න ගත්තා..
ලාවට තිබ්බ මත් ගතියත් එක්ක දොර ඇරලා තවත් අඩි දෙක තුනක්ම ඉස්සරහට තියපු ජංකුක් වටපිට බලන්න ගද්දි ඒ ඇස්වලට ගැටුනෙ හැම පහසුකමක් එක්කම සුඛෝපභෝගී විදියට හදලා තිබුණු වොශ් රූම් එකක්..
දෙපාරක් නොහිතා එතන තිබ්බ සින්ක් එක ඇරලා අත්දෙකෙන්ම සීතල වතුර පාරක් මූණට ගහගත්ත ජංකුක් කෙලින්ම බැලුවෙ බිත්තියෙ එල්ලලා තියෙන දිලිසෙන කණ්ණාඩියෙන් පේන එයාගෙ මැලවුණු මුහුණ දිහා......
ඊයෙ රෑ වෙච්ච දේවල් ටිකෙන් ටික මතක් වෙන්න ගත්තත් ජංකුක්ට හැමදේම පැහැදිලිව තේරුම් ගන්න බැරි උනේ එවෙලෙ මත් වෙලා හිටපු නිසා වෙන්නැති.. ඒත් කවුරු හරි කෙනෙක් එයා එක්ක කතා කලා කියලනම් මතකෙට ආවා..
ඒ කවුද කියලා හොයන එකට වඩා දැන් මේ ඉන්නෙ කොහෙද කියල දැනගන්න තිබ්බ උවමනාව ජංකුක්ට ලොකු එකක් උනා.. එහෙන්මම ආපහු රූම් එකට දුවපු ජංකුක් ආයෙමත් රූම් එක වටේම බලන්න ගත්තෙ කවදාවත්ම මෙහෙම තැනක නොහිටපු එයා අද කොහොමද මේ වගේ තැනක ඉන්නෙ කියල හිතුන එකට හේතු හොයන ගමන්..
ඒත් එක්කම වගේ රූම් එකේ කොනකින් ආපු සද්දෙට ජංකුක් ඒ පැත්තට හැරෙද්දි එතන තිබ්බ තව දොරකින් කව්දෝ කෙනෙක් ඇතුලට ආවා.. එතන තිබ්බෙ ටිකක් හුරු පුරුදු මූණක් උනත් ඒ හැඩරුව අඳුරගන්න ජංකුක්ට ටිකක් වෙලා ගියා..
" ගුඩ් මෝනින් පොඩි කොල්ලො... "
කිසි හැලහොල්මනක් නැතුව කාමරේ මැද හිටගෙන ඔහේ එයා දිහා බලන් කල්පනා කරන පොඩි කොල්ලා දැක්කාම ලාවට කටකොනින් හිනාවක් දාපු කොල්ලා එහෙම කියලා රූම් එක අස්සට ආවෙ කලිසම් සාක්කුවට අත්දෙකත් ඔබාගෙනමයි..
YOU ARE READING
✨🍓𝚃𝚑𝚎 𝙼𝚎𝚕𝚘𝚍𝚢|| [Jikook] 🎼
Fantasy💢Only Fanfication.. සමාජයේ අවජාතක සංකල්පය දරාගැන්මට ඔහු වන් නිර්දෝෂී සියල්ලන් වෙනුවෙන් තනුවක් සැකසීය...💔 ❌No ship story