7 Chapter ^

126 30 1
                                    

ටිකක් වෙලා කොල්ලා දිහා බලන් හිටපු ජිමින් දැක්කා කොල්ලගෙ ඇස්වලට කඳුලු පිරිලා තියෙනවා..

ඒ වගේම ඒ කඳුළුවලට වැටෙන්න දෙන්නෙ නැතුව ඉන්න කොල්ලා දරන උත්සාහයත් ජිමින් දැක්කා..

ජිමින්ට දැන් ටිකෙන් ටික තේරෙන්න පටන් අරන් තියෙන්නෙ කොල්ලගෙ හිත  ජංකුක්ට විශේෂයක් දක්වනවා කියලා.. ඒත් ඒක මොන වගේ හැඟීමක්ද කියලා තේරුම් ගන්න තරම් ජිමින් එයාගෙ හැඟීම් ගැන දැනුවත් උනේ නෑ..!

"මන් ය..යන්නම් සර්"

තවත් කඳුළු පාලනය කරගන්න බැරිවෙයි කියලා හිතුනු නිසා ජංකුක් ජිමින්ට ආචාර කරලා ආපහු හැරුනෙ යන්න..

ජංකුක්ට ඕනි උනේ කෑගහලා අඬන්න.. තමන්ගෙ අප්පා ගැන දැනගන්න උවමනාවක් තිබ්බත් ජංකුක් කවදාවත් අම්මගෙන් ඒ ගැන ඇහුවෙ නැත්තෙ ඒ දේවල් මතක් කරන වාරයක් පාසා අම්මගෙ ඇස් කඳුලින් තෙමෙන නිසා.. මොන පුතාද කැමති තමන්ට මහ මෙරක් වගේ ඉන්න අම්මා කෙනෙක්ගෙ ඇස්වල කඳුළු දකින්න?

"ඕයි පොඩි එකෝ.. මොකද අඬන්නෙ තමුසෙ..?"

ජිමින් කිසිම දවසක කිසිම කෙනෙක්ගෙන් මේ වගේ දෙයක් අහලා නැතුවැති..

ජංකුක්ගෙ කඳුළු පිරුනු ඇස් දැක්කාම ජිමින්ට දැනුනෙ මොන වගේ හැඟීමක්ද කියලා ජිමින් දැනන් හිටියෙ නෑ..

ජිමින් අහපු දේත් එක්කම ජංකුක් හිටපු තැනම නැවතුනේ එයාගෙ කඳුලු ඇස්වලින් පහලට කම්මුල් දිගේ ගලාගෙන යනවා  දැනුන නිසා.. කොල්ලා හොඳටම දන්නවා දැන් කොල්ලා මොනාහරි කියන්න කට ඇරියොත් කොල්ලට ඉකි ගැහෙන බව..

ඒත් ජංකුක් හිතන්නත් කලින් ජිමින් තමන්ගෙ ඉස්සරහට ආවා..

"චැහ්.. පොඩි එකෙක් බව ඇත්ත ඒ උනත් කොල්ලෙ උනාම ඔහොම අඬනවද?"

නෝන්ඩි හිනාවක් දාලා එහෙමෙ අහපු ජිමින් දිහා බලපු ජංකුක්ට දැනුනෙ හුරුපුරුදු බවක්.. මොකද කොල්ලා දැනන් හිටියා ජිමින් කියන්නෙ ටිකක තද ගතිගුණ තියෙන කෙනෙක් කියලා.. ටිකක් නෙවේ හොඳටම..

ඊළඟට ජිමින් කරපු දෙයින් ජංකුක්ට දැනුනෙ එයා අගක් කොනක් නැති මාළු දැලක පැටලුනා වගේ හැඟීමක්......................

_Zrash_

✨🍓𝚃𝚑𝚎 𝙼𝚎𝚕𝚘𝚍𝚢|| [Jikook] 🎼Where stories live. Discover now