Office එකේ තමන්ගෙ පුටුවට වෙලා A/C එකෙන් එන සීතල තමන්ගෙ නහය ඇතුලට ඇදලා ගන්න ගමන් ජිමින් හොඳ හුස්මන් පහළ දැම්මෙ මේසෙ උඩ තියෙන sign කරලා ඉවර උනු files ගොඩ දිහා බලන ගමන්..
ඒ එක්කම ජිමින්ට මතක් උනේ එදා ජංකුක් බීලා ඉදලා ජංකුක්ව එයාගෙ ගෙදර එක්කන් ගිය දවස..ඒත් එදා හිටපු පොඩි කොල්ලා නෙවේ අද ඉන්නෙ.. දරදඬු ඇඟක් එක්ක ඕනිම වගකීමක් බාරගන්න පුළුවන් ශක්තිමත් පෞරුෂයක් ජංකුක්ගෙන් ජිමින්ට දකින්න පුළුවන් උනා.. ඒත් ජිමින්ටනම් ජංකුක්ව ඉස්සර හිටපු පොඩි එකාම තමයි..
📲📲📲📲📲
ඒ එක්කම ආපු msg එක නිසා buffer උන පෝන් එක ජිමින් අතට ගත්තා..
"ඕයි jimin park.. කොහෙද අනේ ඔයා? මන් Airport එකේ ඉන්නෙ.. එන්නෙ නැත්තන් කියන්න මන් taxi එකක් අරන් එන්නම්😡😡😡😡😡😡😡😡😡"
තරහා ගිය මූනු ගොඩකුත් එක්ක ඒ ඇවිල්ලා තිබ්බ msg එක දැක්කමනම් කොල්ලට තරු පෙනුනා.. දනිපනි ගාලා නැගිටපු කොල්ලා Office room එකෙන් එලියට දිව්වෙ දොර ළඟ හිටපු තමන්ගෙ බොඩිගාඩ්වත් තල්ලු කරගෙන.. ජංකුක්ත් ඒ පිම්මටම තමන්ගෙ බොස් පස්සෙන් දුවලා කොහොමහරි ජිමින් කාර් එක start කරනකොටම ඒකග නැගගන්න පුළුවන් උනා..
.
.
.
.
.
.Jungkook pov...
ජිමින් සර් ආවෙ airport එකට.. මාත් එයාගෙ පස්සෙන්ම බැහැලා ගියේ සර්ගෙ ආරක්ෂාව ගැන වගකීම තියෙන්නෙ මගෙ අතේ නිසා.. ඒත් සර්ට නම් ගානක් නෑ.. එයා airport එක හැමතැනම කාවදෝ හොයනවා..
"යාහ් Jimin Park!!!!!!!!!"
කවුරුහරි ගෑනු කෙනෙක් සර්ගෙ නම කියලා කෑගහනවත් එක්කම සර් ඉන්න පැත්තට වේගෙන් ආවෙ හරියට පැනපු ගමන් සර්ට ගහන්න වගේ.. මන් ටක්ගාලා සර්ගෙ ඉස්සරහට පැනලා එයාව කවර් කරගත්තා..
*"මේ මොකාද? යාහ් පාක් ජිමින්..මන් කීයෙ ඉදන්ද දන්නවද මෙතනට වෙලා තමුන් එනකන් බලන් ඉන්නෙ? විනාඩි හතළිස් පහක්! මන් විනාඩි හතළිස් පහක් බලන් හිටියා මෙතනට වෙලා තමුන් එනකන්.. තමුසෙ මගෙ කාලෙ කෑවා.. කාලය රන් හා සමානයි කියලා දන්නැද්ද? දෙනවා මට ආපහු මගෙ විනාඩි හතළිස් පහ.. මහ ලොකු ජිමින් පාක්.. අද මන් තමුසෙව ඉතුරු කරන්--- ම්ම්ම් ම්ම් ම්ම්...ම්ම්"*
මන් දිහා නිකන් අමුතු ජීවියෙක් වගේ බලලා එයා එකදිගට ජිමින් සර්ට බැනගෙන බැනගෙන යන්න ගත්තා..බුදුඅම්මෝ.. බනින එක ඉවරයක් වෙන්නැතිවෙයි කියලා මට වගේම සර්ටත් තේරෙන්න ඇති.. බොස් පැනපු ගමන් ඒ කෙල්ලගෙ කට අතින් වැහුවා..
_වැදගත්කමක් පේන විදියට ඇඳගෙන හිටියට මොකද කට ඇරියම ගොඩක් කෙල්ලො මේ වගේ තමයි.._
"යාහ් යාහ් කෑගහන්නෙපා.. මියානේ මට අමතක උනා අද ඔයා එනවා කියලා.."
"අමතක උනා!!?? යාහ් තමුසෙට කොහොම----"
"හරි හරි දැන් යමු.. ගිහිල්ලා කතා කරමු"
_Zrash_
YOU ARE READING
✨🍓𝚃𝚑𝚎 𝙼𝚎𝚕𝚘𝚍𝚢|| [Jikook] 🎼
Fantasy💢Only Fanfication.. සමාජයේ අවජාතක සංකල්පය දරාගැන්මට ඔහු වන් නිර්දෝෂී සියල්ලන් වෙනුවෙන් තනුවක් සැකසීය...💔 ❌No ship story