ජංකුකා.."
ඈත ඉඳන්ම එයා ඉන්න පැත්තට එන ජංකුක්ට අත වනලා කතා කලේ හොබී..
" හෙලෝ මිස්ටර් හොබාරින්.."
එහෙම කිව්වමනම් හොබිගේ මූණ තෙල් තාච්චියක් වගේ ඇද වෙලා ගිය හැටි දැකපු ජංකුක් තව ටිකක් වෙලා හිටියොත් ගුටි කන්න වෙයි කියන බයට ටක්ගාලා එතනින් මාරු උනා..
.
.
.
.
.
.
.
.
.ජංකුක් සාමාන්‍ය විදියට කඩේ වැඩ ටික කරගෙන යද්දි කඩේට එන ඕඩර්ස් භාරගන්න කෙනා ජංකුක්ට ඕඩර් එකක් දුන්නේ අදාළ ගෙදරට ගිහින් දෙන්න කියලා.. උඩින් පැනලා බාරගත්තට මොකද ජංකුක් ඕඩර් එකක් ගෙනියන පළවෙනි වතාව මේක.. කොල්ලා ඒක ගැන වැඩිය හිතන්නේ නැතුව ඕඩර් එක ගෙනිච්චා..
"මේක වෙන්න ඕනි ගෙදර.. "
ඕඩර් එකත් එක්ක දීපු address එක තියෙන තැන හොයන් ආපුවාම ජංකුක් නැවතුනේ ලොකු කලුපාට gate එකක් තිබ්බ තැනක.. ඒත් ජංකුක් ඒ තැනට මීට කලින් ඇවිල්ල තියෙනවා වගේ මතකයක් ආවා.. ඔව් ජංකුක් හරි.. එයා මේ ඉන්නෙ එයා දන්න පාක් ජිමින්ගෙ ගෙදර ඉස්සරහා..
කොල්ලට පොඩි තිගැස්මක් ආවත් ගේට් එක ළඟ හිටපු ගාඩ්ලා දෙන්නා එයාට ඇතුළට යන්න දෙද්දි ඕඩර් එකත් අරගෙන ඇතුළට ගියඔඋ ජංකුක් දැක්කෙ මහා විසාල බංගලාවක්.. හිතාගන්න බැරි තරම් ලස්සන..
එදා ආපු වෙලාවෙ ජංකුජ්ට ඔය ලස්සන බලන්න තරම් සිහියක් තිබ්බෙ නෑ..
"හනී.. ඔයා ආවද? "
ඩෝර් බෙල් එක ගහපු ජංකුක්ට දොර ඇරුන හැටිය දැකගන්න ලැබුනෙ උකුලෙන් පහලට වියතක්වත් නැති ගවුමක් ඇඳගෙන, මේකප් වලින් මුලු මූණම නාවගෙන හිටපු කෙල්ලෙක්.. ක්ලබ් ගර්ල් කෙනෙක් කිව්වොත් තමා හරියටම හරි..
_මේ කෙනා කව්ද.._
_එතකොට කෝ එයා.._
_එතකොට එයා ඉන්නෙ මෙයත් එක්කද.._ජංකුක්ගෙ හිත ඇතුලෙ ඔය වගේ ප්‍රශ්න කන්දරාවක් ගොඩගැහුනා..
"ඕහ්.. ඔයා නේද අර අපේ පැත්තෙ ඉන්න හස්බන්ඩ් දාලා ගිය ආන්ටිගෙ පුතා? ඕහ් නෝ.. හව් කියුට්.. "
_හස්බන්ඩ් දාලා ගිය?_
_එතකොට- එතකොට අප්පා ඔම්මාව දාලා ගිහින්ද?_
_ඒකද ඔම්මා මට කිසි දෙයක් කියන්නැත්තෙ?_
YOU ARE READING
✨🍓𝚃𝚑𝚎 𝙼𝚎𝚕𝚘𝚍𝚢|| [Jikook] 🎼
Fantasy💢Only Fanfication.. සමාජයේ අවජාතක සංකල්පය දරාගැන්මට ඔහු වන් නිර්දෝෂී සියල්ලන් වෙනුවෙන් තනුවක් සැකසීය...💔 ❌No ship story