10 Chapter ^

191 31 9
                                    

Author's Pov.....

බැල්කනියේ අත්වැටට බර වෙලා අහස දිහා බලාගෙන හිටපු ජිමින් ගැස්සුනේ එකපාරට තමන්ගෙ ඉන වටේ ගිය අත් දෙකක ස්පර්ශය නිසා..
 
"නිදිමත නැද්ද?"

".........."

"ජියා.."

"ම්ම්ම්"

"ඔයාට සතුටුයිද? ආපහු ආව එක ගැන?"

"යාහ්.. මමනෙ ඒක අහන්න ඕනි.. මොකද නැත්තෙ.. මට සතුටුයි.. ඇයි තමුසෙට සතුටු නැද්ද මන් ආවට?"

ජිමින්ගෙ මූනෙ හීනියට හිනාවක් ඇඳුනා.. ගොඩක් කාලෙකට පස්සෙ.. දකින ඕනි කෙනෙක්ට කියන්න පුළුවන් ඒ හිනාව කොයි තරම් අවංකයිද කියලා..

මුකුත්ම නොකියපු ජිමින් ඒ හිනාවත් එක්කම ජියාගෙ එක අතකින් ඇදලා තමන්ගෙ ඉස්සරහට අරගෙන කෙල්ලව අත්වැටට හේත්තු කලා..

"වාහ්.. අවුරුදු කීයකින්ද මන් ආවෙ.. ඒ කාලෙට ගොඩක් දේවල් වෙනස් වෙලා වගේ"

උඩ බලාගෙන කියවන කෙල්ලට,පුංචි හිනාවකින් තමන් දිහා බලන් ඉන්න ජිමින් ගැන නම් ගානක් උනේම නැහැ..

"අපි මැරි කරමුද ජිමින්?"

ජියා ඒ අහපු ප්‍රශ්නෙට ජිමින්ට දෙන්න උත්තරයක් හිතාගන්න බැරි උනා.. ලාවට මූණෙ ඇඳිලා තිබ්බ හිනාව ක්ෂණයෙන් මැකිලා යන හැටි ජිමින්ගෙ අත් අතරෙ හිටපු කෙල්ල නම් හොඳින්ම දැක්කා..

"ඇයි මොකද? දැන්ම බෑ වගේද? හරි ඉතින් ඔයාට හදිස්සියක් නැත්තන් මට ප්‍රශ්නයක් නෑ.. අනික කවුද දන්නෙ දැනටමත් වෙන කෙනෙක් ඉන්නවද කියලා.. අවුරුදු හතරක්ම මන් හිටියෙත් නෑනෙ ඉතින්.."

"මොනාද කියන්නෙ ආහ්? මන් ගැන එහෙමද හිතන් ඉන්නෙ?"

යටිතොල හපාගෙන කෙල්ල දිහා බලන් හිටපු ජිමින්ට  ඒ රෝසපාට උන කම්මුල් දිහා තවත් බලාගෙන ඉන්න බැරි උනා.. ජිමින් පැනපු ගමන් කෙල්ලගෙ කම්මුලක් හැපුවා..

"ආව්.. මෝඩයෝ..ඊව්.. කෙලත් ගෑවා..අනිවාරෙන් හෙට මට හොස්පිටල් යන්න වෙයි තමුසෙ----"

ජියා කියන කෙල්ල ගැන හොඳටම දන්න කෙනෙක් විදියට, කෙල්ල කියවන්න පටන් ගත්තොත් සක්කරයටවත් නවත්තන්න බෑ කියලා දන්න ජිමින් ක්ෂණයෙන් කෙල්ලගෙ තොල් වලට බරවුනේ ආදරණීය සිපගැනීමකට මුලපුරලා..

__________________________________________

Jungkook Pov......

_Fiance? ඒ කියන්නේ... එතකොට.. එතකොට එයා බඳින්න ඉන්න කෙනාද ඒ? ආශ්.. ඒත් මන් මොකටද මෙච්චර පුදුම වෙන්නෙ? එහෙම වෙන්න බැරි නෑනෙ.. හැබැයි නිකන් චොකලටුයි ඔම්ලටුයි වගේ.. ඒ දෙන්නගෙ කිසි ගැලපීමක් නෑ.. ආහ් මන් මොකටද ඒවා ගැන හිතන්නෙ? ඒත්.. මොකක්ද මන්දා අමුත්තක් දැනෙනවා.._

නිදාගන්න කියලා ඇඳ ගිය ජංකුක්ට නින්ද එයාව හොයාගෙන එනකම් බලන් ඉන්න සිද්ද උනා..

_Zrash_

✨🍓𝚃𝚑𝚎 𝙼𝚎𝚕𝚘𝚍𝚢|| [Jikook] 🎼Where stories live. Discover now