නාන බේසම තුලින් දැනෙන අමුතු සීතල එක්ක ගුලිවෙද්දි ඉබේටම වගේ ජන්ග්කුක්ට ඇහැ ඇරුණා. ඉර එළිය ළාවට වගේ නානකාමරේ කවුලු අතරින් ඇතුලට වැටිල තියෙනව දකිද්දි ජන්ග්කුක්ගේ මූණට යාන්තමට හිනාවක් ආවේ අලුත් දවසක ආරම්භය නේද කියල හිතිලා..
"අලුත් දවසක් , අලුත් කරදර අපහාස එක්කම"
ජන්ග්කුක් තමන්ටම කියාගෙන නාන බේසමෙන් නැගිට්ටේ ඊයේ රෑ තිබ්බ කේන්තිය නිසා කැපිච්ච තුවාල පුපුරු ගහනව වගේ වේදනාවක් දැනෙද්දි.ඉණ වටේ තුවාය ඔතාගෙන කාමරේට ගියපු ජන්ග්කුක් තෙත කොණ්ඩේ පිහිදාගෙන ශර්ට් එකට ට්‍රවුසර් එකක් දාගෙන වැඩට යන්න ලෑස්ති වුණේ කොච්චර අමාරුකම් තිබුනත් කොච්චර කරදර තිබ්බත් තමන් ආසාවෙන් සතුටින් ඉන්න එකම තැන එතන නේද කියල හිතන ගමන්. කැපිච්ච තුවාල වලටත් ළග තිබුනු ක්‍රීම් එකක් ළාවට ගාගෙන ජන්ග්කුක් කණ්නාඩිය ඉස්සරහට ගියා.
"හ්ම්ම් ලස්සනයි"
කණ්නාඩියෙන් පේන තමන්ගෙම ප්‍රතිබිම්බය දිහා බලගෙන කිසිම හැගීමක් නැතුව කියල දැම්ම ජන්ග්කුක්.හීනි බෝල ඇස්, ළා රෝස පාටට හුරු පිරිණු දෙතොල්,හීනියට තිබුනු රැවුල ජන්ග්කුක්ට ගෙනාවේ අමුතු ලස්සනක්.
"ඒත් කාලකණ්ණියි"
අමාරුවෙන් මවාගත්ත හිනාවක් එක්ක ජන්ග්කුක් එහෙම කිව්වේ වේදනාවටත් වඩා උපහාසෙකින්.
ජන්ග්කුක් රස්සාවට යන්න පටන්ගන්නේ අවුරුදු දාසයෙන් වුණත් අවුරුදු විස්සක් වෙලත් තාමත් ජන්ග්කුක් කැමතිවුනේ ඒ රස්සාවට විතරයි...ඒකටත් හේතු දෙකක් තිබුණා.... සංගීතය සහ එයාගෙ හොඳම යාළුවා.....
බෑග් එකත් කරට දාගත්තු ජන්ග්කුක් කාමරේ ලොක් කරල තිබුනු දොර ඇරියා
"ඔම්මා"
දොර අරිද්දි තමා ජන්ග්කුක් දැක්කේ දොරට හේත්තු වෙලාම නින්ද ගිහින් ඉදපු ඔම්මාව ....
"ඔම්මා.... නැගිටින්න....ඔම්මා....."
ජන්ග්කුක් ඔම්මාට කතා කරද්දි ඔම්මත් ටික ටික නැගිට්ටා.....
"කුකී....පුතා.....අනේ ඔයා හොදින් නේද පුතා......"
ඔම්මා ඇහුවෙ ජන්ග්කුක්ගෙ මූණ අල්ලලා ඉබින ගමන්මයි....
"ඔව් ඔම්මා ....මම ගොඩාක් හොදින්.....ආයෙ නන් ඔම්මා මෙහෙම මන් නිසා වද වෙන්න බෑ ....හොදද...."
ජන්ග්කුක් කිව්වෙ තුවාල වෙච්ච අත ඔම්මාගෙන් හංගන ගමන්...ඔය වෙලාවෙ ඕක පෙන්නලා ඔම්මාව කලබල කරන්න ජන්ග්කුක් ට ඕන වුණේ නෑ.....
"හරි කුකියෝ.... හිතන්න එපා පුතු ඊයෙ රෑ වුණ දේවල්....දවසක අපිටත් හරියයි නෙ.....
බලන්නකො පුතා වැඩට යන්නත් ලෑස්ති වෙලා...මම තාම ඉව්වෙත් නෑ .....ඉන්න මම ඉක්මනට කෑම ලෑස්ති කරන්න...."
ඔම්මා එහෙම කියලා නැගිටින්න හදද්දිම...
"එපා ඔම්මා....මට බඩගිනි නෑ....කඩේකින් මොනවා හරි කන්න පුළුවන් නෙ....."
"ඒත් කුකී"
ඔම්මා කියන්නත් කලින් ජන්ග්කුක් හිනාවෙවී ඔමමාටත් අත වනාගෙනම එලියට ගියා....රෑටත් කාලා ඉදපු නැති නිසා ජන්ග්කුක්ගෙ බඩ කෑගහන සද්දෙත් දෝංකාර දුන්නා...ඒත් ඔම්මා උදේම මහන්සි වෙනවා බලන්න කැමති නැති නිසයි ජන්ග්කුක් අරම කියලා ගෙදරින් ආවෙ....ඒ වුණත් කඩේකින් කන්න තරන් සල්ලියක් ජන්ග්කුක් අතේ තිබුණෙ නෑ.....
ජන්ග්කුක් බූසාන් පාලම යටින් තිබුණු පාර දිගේ හිම වැටෙන සීතල එක්ක ගුලි වෙවී ආවෙ සමහර මිනිස්සු තමන් වෙනුවෙන් දාන අපහාස හිනා අනුකම්පා හිනා එක්කම......
තමන් වැඩ කරපු ෂොප් එකේ දොරින් ඇතුල් වෙනකොටම ජන්ග්කුක්ට දැණුනා තමන් කාගෙ හරි ඇගේ හැප්පුණා කියලා....
"වට් ද හෙල්.....ආයූ මෑඩ්....තමුන් මේ ලෝකෙ නෙවේද ඉන්නෙ ආ.....ෂිට් .......ඊඩීයට්......බලනවා අයිසේ තමුන් කරපු දේ....."
තමන්ට බැණ බැණ බිම වැටුණු ෆයිල්ස් ඇහිදපු කෙනාට ජන්ග්කුක්ත් උදව් කලේ මොනවා වුණත් තමනුත් වැරදි නිසා.......
කතාව හොදද....
හොද නන් කියවලා කමෙන්ටුවක් වෝට් එකක් ශෙයා පාරක් දාන්න......
බොහොම ස්තූතියි ජෝන් අද ටයිප් කරලා දුන්නට....@JeonEun123
ආයෙ එන්නන් ළගදි......
_Shane_
YOU ARE READING
✨🍓𝚃𝚑𝚎 𝙼𝚎𝚕𝚘𝚍𝚢|| [Jikook] 🎼
Fantasy💢Only Fanfication.. සමාජයේ අවජාතක සංකල්පය දරාගැන්මට ඔහු වන් නිර්දෝෂී සියල්ලන් වෙනුවෙන් තනුවක් සැකසීය...💔 ❌No ship story