2....මගේ ගයිඩ්.....🛵

3.2K 551 149
                                    

🛵🛵  GUIDE  🛵🛵

ශාන් ඇදමත වාඩිවී කාමරය පුරා දෑස් යවමින් සිටින විට ස්කූටිය 🛵 මිදුලෙහි නතර කරන හඩ ඇසුනි.... ඒ ගයිඩ් නම් සැනසීමකි... නැතිනම් කැඩෙන සිංහල වචන දෙක තුනක් දන්න ශාන් ඉතින් අසරණ වන්නේය... ශාන් කෝකටත් කියා කාමරයෙන් එළියට ආවේය... සාලයෙන් දොර අසලට එනවිට ඔහු දුටුවේ පාර දෙසට හැරී හෙල්මට් එක ගලවමින් සිටින තරුණ පිරිමි ළමයෙකි.. ශාන් තවමත් ඔහුගේ මුහුණ දුටුවේ නැත... පාරේ ඈතින් යන කොල්ලෙකුට අතින් මොනවදෝ කියමින්ම ඔහු ශාන් ඉන්නා දෙසට හැරුනි ... කලු කොට කලිසමකට සුදු පැහැති ටීෂර්ට් එකක් හැද කරට සිල්වර් පැහැති නෙක්ලස් එකක් දමාගෙන සාමාන්‍ය ස්ලිපර්ස් දෙකක් ද සමගින් ශාන් දෙසට හැරුනු රුව.....

 කලු කොට කලිසමකට සුදු පැහැති ටීෂර්ට් එකක් හැද කරට සිල්වර් පැහැති නෙක්ලස් එකක් දමාගෙන සාමාන්‍ය ස්ලිපර්ස් දෙකක් ද සමගින් ශාන් දෙසට හැරුනු රුව

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


අකුණු පපුරන්නේ අහසේ පමණක් නොවන බව ඒත්තු ගන්වමින් ඒ ඇස් වල කාන්තිය කෙලින්ම ගොස් නතරවූයේ ශාන්ගේ පපුවේ කොනකය.... හදගැස්ම වේගවත්වී මොකක්දෝ සිදුවන්නට ගියත් ශාන් ඉක්මනින් පියවි සිහිය ලබාගත්තේය ... මේ ගයිඩ් වන්නට ඇතැයි ශාන් සිතුවේය ...

යීබෝ ශාන් වෙත සිනාසෙමින් ආවේය ... අලුත් ඉංජිනේරු මහතා හන් මහතා මෙන්ම වයෝවෘද්ධ ඇතැයි සිතා සිටියත් මොහු සුන්දර තරුණයෙකු බව දුටු යීබෝට සතුටක් ඇතිවිය... නමුත් ඒ මුහුණේ හිනාවක් නම් නැත... ඒත් යීබෝගේ පපුවටත්  අමුත්තක් දැනුනි... කිසිවක් ගනං නොගන්නා යීබෝ ඒ හැඟීමත් ගනන් නොගෙනම

" නී හා වෝ...."

යැයි හිස මදක් නමා කීවේය ...

" නී හා වෝ..."

ශන්ද පෙරලා කීවේය ..

( හරි මට චීන බෑනෙ... ඒ දෙන්නා චීන කතා කරද්දි මෙහෙම ලියලා යීබෝ හරි ශාන් හරි සිංහල කතා කරනකොට මෙහෙම තද කලු අකුරින්  ලියනවා හොදේ)

🛵🛵  GUIDE  🛵🛵  ( zhanyi ff...... Complete )Where stories live. Discover now