20.. එයත් එක්ක.. 👬

2.7K 500 230
                                    

🛵 GUIDE 🛵 .........

🌞 🌞🌞🌞🌞

එලාම් එකේ හඩට යීබෝ අපහසුවෙන් දෙනෙත් හැරියේය ... පෙරදා රාත්‍රියේ නින්දට යද්දිත් දෙකත් පසුවී තිබුනත් හයයි තිහ වනවිට අවදිවන්නට යීබෝ එලාම් එක තැබුවේය .... හැමදාමත් දකින්නට ආසා කරන කිරිපාට පපුව යීබෝ ඉදිරියේ දිස්විය... ඒ මතට සියුම්ව හාදුවක් තබා යීබෝ හිස පමණක් ඔසවා ශාන්ගේ මුහුණ දෙස බැලුවේය ...වෙනදටත් වඩා සැනසීමක් ඒ ඇස්වලින් යීබෝ දුටුවේය ...

" මගේනේ... "

යීබෝ සෙමින් කියමින් හාදුවක් ඒ කොපුලට තබා පරිස්සමෙන් ඇදෙන් බසින්නට හැදුවත් ශාන් අවදිවිය ...

" කොහෙද යන්නෙ බෝබ්..."

ශාන්ගේ ඇග උඩින් පනින්නට සූදානම් වෙද්දී ඔහුව වැලඳගත් නිසා දැන් යීබෝ සිටින්නේ ශාන්ගේ සිරුර මතයි...

" තේ හදන්නම්... ඉක්මනින් යන්න ඕනෙ නේද..."

යීබෝ ඒ දෙනෙත් දෙස බලාගෙන කීවේය ..

" ඊයෙ වැඩිවෙලා නිදාගත්ත උං ඉක්මනින් ඇහැරෙන්නෙ නෑ මැණික ... ඔහොම චුට්ටක් ඉන්නකො..."

ශාන් යීබෝගෙ ගෙල මතින් මුහුණ සඟවාගෙන කීවේය ...

" මාව බර ඇති අනෙ..."

යීබෝ ශාන්ගේ සිරුරෙන් ඉවත්වෙන්නට හදමින් කීවේය ...

" ඔහොම ඉන්නකො... බර නෑ අනේ..."

ශාන් යීබෝගෙ කමිසයෙන් විවරවී ඇති ගෙල සෙමින් සිපගත්තේය ...

" බෝබ්..."

" හ්ම්ම්ම්..."

" දන්නවද මට ඊයෙ හුගාක් සනීපෙට නින්දගියා..."

" ඇයි ඒ... ඉතින්..."

යීබෝ ඇසුවේය ... ශාන් මේ කතාකරන්නේ යීබෝගෙ ගෙල සිඹින අතරතුරයි ...

" ඔයාගෙ ආදරේ මගෙ පපුවට හරිම සැහැල්ලුවක් බෝබ්... ඉතින් ඔයා ලඟදි මම දැන් හරිම රිලැක්ස්...."

ශාන් යීබෝව යටකරගෙන උඩට ආවේය..

" මාව බරයිද බෝබ්..."

" නෑ......."

" එහෙනම් කමක් නෑ... නැත්නම් මම කෑම අඩුකරන්න හිතුවේ...."

🛵🛵  GUIDE  🛵🛵  ( zhanyi ff...... Complete )Where stories live. Discover now