7.... සැනසීම ....🌕

2.5K 521 183
                                    

🛵 GUIDE 🛵 ..........

" හරි එහෙනම් නාලා එහෙම යමු..."

" යේස්.... නියමයි ...."

යීබෝට කෑගැස්සුනත්... යලිත් ඔහු සන්සුන් වූයේ තමන් ඉදිරියේ ශාන් සර් ඉන්නා බව සිහිවීමෙනි... ශාන් කිසිවක් නොකියා සිනාසෙමින් නිවසට ඇතුලුවිය ...හේතුවක් නොදන්නා නමුත් ශාන් සර් සමඟ පන්සලේ එහෙ මෙහෙ ඇවිදින්නට , ලඟින් වාඩිවී පන්සිල් ගන්නට , විහාරගේ තුලට ඔහුහා ගොස් ඒ සිතුවම් පෙන්වමින් ඇවිදින්නට යීබෝට ආශාවක් ඇතිවිය...

" සර් උණුවතුර ඕනෙද නාන්න..."

,යීබෝ ටික වේලාවකින් කාමරය අසලට විත් ශාන්ගෙන් ඇසුවේය  ...

" එපා යීබෝ ... ගොඩාක් සීතල නෑනේ  .."

එදා වතුර උණුකරන්නට යීබෝ දික්වින්ද අයුරු දුටුව නිසාම ශාන් ඊට පසුව මේ දින තුනම අපහසුවෙන් උවත් සීතල වතුර නෑවේය.. හුන්නස්ගිරිය හවස්වන විට අධික සීතලකින් යුතු නිසා ශාන්ට එය අපහසු උනත් ඔහු ඉවසුවේය ..

උඩුකය නිරුවත් ව කොට කලිසමක් ඇඳගෙන ශාන් කාමරෙන් එළියට ආවේ තුවායත් කරමතින් දමාගෙනයි .. යීබෝ වත්ත පහල සිට පිටුපස මිදුලට ආවේද  එවිටයි ...ශාන්ගේ කිරිපැහැති නිරුවත් උඩුකය දුටු යීබෝ ඉක්මනින් බිම බලාගත්තේ කියන්නට නොතේරෙන හැඟීමක් එක්වරම හදවතට දැනුනු නිසාවෙනි ... .

" ඔයා නාන්නෙ නැද්ද ... ඔය මොනවද අතේ තියෙන්නෙ ..."

යීබෝගෙ වෙනස ශාන් පිටුවත් වෙනසක් නොපෙන්වා ම ඇහුවේය ...

"පන්සල් ගෙනියන්න මල් කැඩුවා ... සර් නාන්න මම ඊලගට නාන්නම්."

යීබෝ ඔහුගේ පුරුදු හිනාවම සමගින් කීවේය ... ..

🛵🛵🛵

🛵🛵🛵

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
🛵🛵  GUIDE  🛵🛵  ( zhanyi ff...... Complete )Where stories live. Discover now