🛵🛵 GUIDE 🛵🛵
😱😱😱
ශාන්ට නින්දෙන් මෙන් එක්තරා භයංකාර හඩක් ඇසුනි.... එය ඉතා ත්‍රීව් හඩකි... කන්වලට දරාගන්නට නොහැකි හඩකි.... ශාන් ඇදමතින් වාඩිවිය.. සමහර විට එය සිහිනයක් වන්නට ඇත.... මදවෙලාවක් හොදින් ඇහුම්කන් දුන්නත් ටික වේලාවක් යන තුරු මද නිහැඬියාවක් පැවතුණි ... හීනයක්ම වන්නට ඇතැයි ස්ථිර කරගත් ශාන් යළිත් නිදියන්නට හිස තියාගත්තා පමණි ... අර හඩම ඇසෙන්නට විය.... එය ජනේලය අසලින්ම ඇහෙන බව ශාන්ට සිතුනි...... තද සීතල පරයා මුළු සිරුරම දහඩියෙන් තෙත් වන්නට පටන් ගත්තේය ...
" යීබෝ ..........."
ශාන් තරමක් උස් හඬින් කතා කළේය ... මේ මොහොතේ වෙන කරන්නට කිසිවක් නැත ... ඒ හඬ ශාන්ගේ හිතට මහා මූසල බවක් එකතු කළේය .... එවන් හඬක් ශාන් ජීවිතයේ කිසිම දිනක අසා නැති බව නම් ඔහුට විශ්වාසය ...
"සර්....."
යීබෝ දොර අසලට පැමිණ කතා කළ පසුව ශාන් දුර විවර කළේය ... මුළු සිරුරම දහඩියෙන් තෙත් වී සිටින ශාන්ව දුටුව පසු යීබෝ කාරණය අවබෝධ කර ගත්තේය ...
" සර් බය නැතුව වාඩිවෙන්න ඔය කෑ ගහන්නේ උලමෙක් .... ඔය සතා ඉඳලා හිටලා කෑගහනවා රෑට ... බයවෙන්න එපා මේ ලඟ නෙමේ කෑගහන්නෙ ගොඩක් ඈත ...."
යීබෝ ශාන් අසලටම පැමිණ බිය, ලැජ්ජාව සියල්ල මුසුවුනු මුහුණකින් ශාන් යීබෝ දෙස බැලුවේය ..
" ඒත් සද්දෙ ඇහුනෙ මේ ජනේලෙ ළඟින් මයි ..."
ශාන් යීබෝ දෙස බලා කීවේය ..
" එයාගෙ සද්දෙ හුඟක් සැරයි ... ඉතින් මීටර් ගානක් ඈත ඉඳල කෑගැහුවත් ලඟින් වගේ තමයි ඇහෙන්නේ ...."
යීබෝ ඔහුගේ සුපුරුදු සිනහව සමගින් කීවේය ...
" ඒ සතා දරුණුයි ද ..."
ශාන්ට දැන් අවශ්‍ය වී ඇත්තේ කුමක්දැයි ඔහු තේරුම් ගත්තේය ...
" අනේ නෑ සර් ඔය කෑ ගහන එක විතරයි ...මිනිස්සුන්ට දකින්න වත් එන්නේ නැති සතෙක්...."
යීබෝ කීවේය ... වේලාව පාන්දර එකත් වී ඇත...
" සර්ට තනියම නිදියගන්න බය නම් මම මෙට්ටෙ අරගෙන මෙතෙන්ට එන්න ද "
YOU ARE READING
🛵🛵 GUIDE 🛵🛵 ( zhanyi ff...... Complete )
Fanfiction❤️ එක්වරක් මියැදුනු හිතක් ආයෙත් පනගහයිද .... 💚 මං ඉදිරියේ ගැස්සෙන ඇස් හැමදාමත් හංගන්න පුලුවන්ද .....