8... ලංවීම....💕

2.6K 517 163
                                    

🛵 GUIDE 🛵 .........

🌞🌞🌞🌞🌞

" සර්..... සර්...... "

ශාන් සිටියේ අවදියෙන්ය ... නමුත් යීබෝ කතා කරන තුරුත් ඔහු නිහඬවම දෑස් පියාගෙන සිටියේය ... එසේ සිටින්නට හේතුව කුමක්දැයි ශාන් නොදන්නා නමුත් ඔහු එයට ප්‍රිය කළේය ... ඉතින් ඒ හඬ ඔහු අසලින් ඇසුණි ...ශාන් සෙමෙන් සෙමෙන් දෙනෙත් හැරියේය ...

" ගුඩ් මෝනිං සර් ..."

" good morning යීබෝ ..."

යීබෝ කිරි මග් එක සහ වතුර වීදුරුව මේසය මතින් තබා කාමරයෙන් පිටව යන අයුරු ශාන් බලා සිටියේය ... පපුවට බරක් දැනෙන්නට පටන් ගත්තේය ... ශාන් ඉක්මනින් ඇඳෙන් බැස ජනේලය අසලට ගොස් ළය සැහැල්ලු වන්නට දිගු සුසුමක් හෙලුවේය...

⏰ ⏰⏰⏰

" සර් පහලට ද යන්න හදන්නේ .. "

දිවා ආහාරයෙන් පසුව පැයක් පමණ ඔහුගේ කාර්යාලයේ ලිපි ලේඛන සමග වැඩ කරමින් සිටි ශාන් ෆයිල් කිහිපයක් ද අතැතිව නැගිට්ටේය .. අනෙක් පස මේ සේ සිටි යීබෝ ඒත් සමගම නැගිට්ටේය ...

" ඔහු පහළට යන්න ඕනේ .. ඔයා වැඩක් නම් කරගන්න ..."

ශාන් කීවේ උදෑසන සිටම යීබෝ ගනුදෙනු කිහිපයක් සමඟ කාර්යබහුල වී සිටිනු දුටුව නිසා ය..

" නෑ නෑ ඉන්න මාත් එනවා .. "

මේ දිනවල විටින් විට ඇද හැලෙන වර්ෂාව නිසාවෙන් පහළට ඇවිද යන බෑවුම් කොටස මඳක් ලෙස්සන සුළු ය...
ඉතින් ශාන් ලෙස්සා වැටී වී යැයි බියෙන් යීබෝ ඔහුගේ වැඩ සියල්ල අතහැර දමා ශාන් පසුපසින් බෑවුම අසලට ගොස් බෑවුම ලඟදි ශාන්ට ඉස්සර වී අඩි දෙකක් පහළට බැස ශාන් දෙසට අත දිගු කළේය ... ඒ පඩි දෙක ශාන් බැස්ස පසු යීබෝ තවත් පඩි දෙකක් පහළට බැස යළිත් ෂාන්ට අත දිගු කළේය .. අත අල්ලා ගන්නට පහත් වන විටම කකුල ලිස්සා ගොස් ඔහු පහලට වැටෙන්නට යත් දී යීබෝ ඉක්මනින් ඔහුව අල්ලා ගත්තේය .. ශාන් ව තදින් අල්ලාත් පසු යීබෝ ලෙස්සා ගොස් පඩිපෙලත් සමගම ඇති කණ්ඩියට හේත්තු විය... ගල් කැටයකට හෝ පිට කැපී යන අයුරු යීබෝට හොදින් ම දැනුනි... දැන් ශාන් සිටින්නේ යීබෝගේ පපුව මතයි ... දෙදෙනාම ලෙස්සා වැටෙන අයුරු දුටු ෆෑන්ග් සහ අකිල එතනට දුව එන තෙක්ම නැගිටින්නට උවමනාවක් දෙදෙනාටම තිබුණේ නැත ...

🛵🛵  GUIDE  🛵🛵  ( zhanyi ff...... Complete )Where stories live. Discover now