25.. වෙසක් නිවාඩුව... ✨️

2.1K 471 212
                                    

🛵 GUIDE 🛵 ......

" කූරු කීයක් තියෙනවද චුට්ටි ...."

බදාදා වැඩ අවසන්වී එන අතරතුර කෑම ගන්නට අත්තම්මලාගෙ නිවස අසල ස්කූටිය නතරකල පසු චුට්ටි වෙසක් කූඩු හදන්න උණ බට වලින් කූරු කපා තිබුනි..

" හෙන ගොඩාක් කැපුවා.... මටත් එකක් හදලා ඕන...."

ශාන් මේ දෙස නිහඩව බලා සිටියේය ... චුට්ටි වැඩක් කරදෙන්නේ අනිවාර්යයෙන් දෙයක් බලාපොරොත්තුවෙන් බව යීබෝ හොදින්ම දනී...

" මම හදන්නෙ අටපට්ටමක්... පැටව් එක්ක... තවුසෙට එච්චර දෙයක් කරන්න බෑ තරුවක් හදලා දෙන්නම්...."

යීබෝ කෑගැසුවේය ..

" අනේ තරුවක් එපා... හරි පැටවුත් එපා... අටපට්ටමක් හදලා දෙනවා සුදු අයියා ...."

චුට්ටි හරිම අහිංසක ලෙසින් කීවේය ..

" හරි උදේට පාරෙ ඉන්නවා.. තවුසෙ කොල අලවගන්නවා තේරුනාද ...."

තවත් එතන නොරැදී යීබෝ ස්කූටිය ස්ටාට් කලේය...

" මොකක්ද වලිය බෝබ්... ඇයි චුට්ටිට බැන්නෙ...."

" එයාටත් කූඩු හදල ඉල්ලනවා.... මට හදන්නත් ඕන... "

යීබෝ මූණ අකුලුවාගෙන කීවේය ..

" හරි හරි පොඩි එකක් හදලා දෙන්න.. මට ආසයි මගෙ ස්පොන්ච් බොබ් කූඩු හදනවා බලන්න...."

"ඔන්න ගගා ඔයාට තියෙන මේල් එහෙම යවලා ඉවරවෙලා එන්න... එතකොට මටත් ටිකක් ඉවරකරගන්න පුලුවන් ..."

" හ්ම්ම්..."

***********
" මෙහෙම කූරෙ අඟ ටිකක් රහිනවා.. දෙපැත්තම...ඊලඟට මෙහෙම තව කූරක් තියලා ගැට ගහනවා.. මේ වගේ කොටු හයක් අරගෙන මෙහෙම තියලා ගැටගහනවා......... "

යීබෝ අටපට්ටම හදන අයුරු ශාන්ට කියාදෙන්නට පටන්ගත්තේය ...

" නියමයි බෝබ්...... ඊලඟට ...."

ඒ පිළිබඳව දැනගන්නට ශාන්ටත් ඇතිවූයේ පුදුම උනන්දුවකි...

" හෙට සව්කොල ගෙනල්ලා අලවනවා.... "

යීබෝ යලිත් කීවේය ...

" මොනපාටද අලවන්නෙ බෝබ්...."

🛵🛵  GUIDE  🛵🛵  ( zhanyi ff...... Complete )Where stories live. Discover now