🛵 GUIDE 🛵 ........
යීබෝ කෙලින්ම කාමරයට නොගොස් ඔහුගේ කාමරයට ගොස් මදවේලාවක් එහි රැදී සිටියේ ශාන් සර්ගේ පුද්ගලික ජීවිතයට ඕනෑවට වඩා සමීපවිය නොහැකි නිසාය... ඇරත් සමහරවිට මෙට්ටය උස්සගෙන ගියවිට ඇයි අදත් ආවෙ යැයි ඇසුවොත් සිදුවන්නේද ලැජ්ජාවකි...ඉතින් සියලුම වැඩත් අවසන් වී තිබුනු නිසාවෙන් යීබෝ ඔහුගේ මවගේ ජායාරූපය ගෙන ඒ දෙස බලාසිටින්නට විය... ඔහුගේ මව මියයන තුරුම ඔහුට පියා පිළිබඳව කිසිවක් කියා තිබුනේ නැත... යීබෝ ඔහුගේ පින්තූරයක් වත් දැක තිබුනේද නැත...
" තාත්තෙක් ගැන අහන්න තරම් ඔයාට ඒ මනුස්සයගෙ අඩුව දැනෙනවද සුදු පුතා... මං ඔයාට මොනවද අඩුකරන්නෙ... ඔයාට එයාව මතක නැතිනම් ඒ විදිහටම ඉන්න..."
,එක්වරක් පියාගැන ඇසූවිට ඇය එසේ කියමින් හඩාවැළපුනු අයුරු යීබෝට සිහිවිය.. එදයින් පසු යීබෝ යලිත් කිසිම දිනයක ඇයගෙන් පියා ගැන අසන්නට ගියේ නැත...
" යීබෝ ..."
,කාමරය අසලින් ශාන්ගේ හඩ ඇසී යීබෝ ඉක්මනින් පින්තූරය පැත්තකින් තබා එතැනට ගියේය ..
" සර්...."
ශාන් මදක් මත්ව සිටිනා අයුරු යීබෝ දුටුවේය ...ඒ දෑස් එක එල්ලේ යීබෝගෙ දෑස් මතට පතිතවූ සැනින් යීබෝ බිම බලාගත්තේය ...
" ඇයි මගෙ කාමරේට එන්නෙ නැද්ද ..."
" සර් කතාකරන කල් හිටියේ...ඉන්න මම මෙට්ටෙ අරගෙන එන්නම්..."..
යීබෝ බිම බලාගෙන කීවේය ..
" හ්ම්ම්ම් "
ශාන් යලිත් මදක් වැනි වැනී ඔහුගේ කාමරයට ගියේය ..යීබෝ ඔහු යනදෙස බලා හිද දිගු සුසුමක් හෙලුවේය .. ඒ ඇයිදැයි කියන්නට යීබෝ වත් නොදනී..
" යීබෝ ....."
ශාන් ඔහුගේ ඇදේ හාන්සිවී සිටිනා අතරම යීබෝ ඒ අසල බිම මෙට්ටය දමාගෙන සිටී.. .
" සර්...."
" අදත් ඔයාලගෙ සින්දුවක් දාන්න මට අහන්න...."
YOU ARE READING
🛵🛵 GUIDE 🛵🛵 ( zhanyi ff...... Complete )
Fanfiction❤️ එක්වරක් මියැදුනු හිතක් ආයෙත් පනගහයිද .... 💚 මං ඉදිරියේ ගැස්සෙන ඇස් හැමදාමත් හංගන්න පුලුවන්ද .....