🛵 GUIDE 🛵 .......
" බෝබ්...."
යීබෝ ඔහුගේ මේසය මත හිසත් පහත් කරගෙන ශාන්ගේ ඇස්තමේන්තුවක් සකසමින් සිටි අතර ශාන් හී ෆෙයි හමුවී පැමිණ යීබෝ දෙස සෑහෙන වෙලාවක් බලා සිටියේ ඔහු දමා ගොස් දින දෙකක් ඉන්නේ කෙසේදැයි සිතමිනි...
" සර්...."
යීබෝ සුපුරුදු සිනාවෙන් ම ශාන් දෙස බැලුවේය ...
" හෙට පාන්දර මට කොළඹ යන්න වෙලා..."
හද වළාකුලකින් වැසෙන්නෙ කෙසේද එලෙසින්න යීබෝගෙ මුහුණ අදුරුවිය... ඒ බර දැනුනේ ශාන්ගේ පපුවටයි... යීබෝගෙ දෑස් දිලිසෙනු ශාන් දුටුවේය .. ඒ කදුලු පටලයක් බැදී ඇති නිසාවෙනි ...
" ඇයි ඒ සර්..."
" හෙටයි අනිද්දයි මාගා එකේ කන්ස්ට්‍රක්ෂන් සයිට් ඔක්කොගේම ඉංජිනියර් ලට විශේෂ හමුවක් තියෙනවලු..... "
යීබෝ කිසිවක් නොකියා මුහුණ යලිත් මේසය මතට නැඹුරු කරගත්තේය ...
" දවස් දෙකයිනෙ ඉතින්... බෝබ් පරිස්සමෙන් ඉන්න ඕනෙ... මටත් දුකයිනෙ මේ දඟයව දාලා යන්න..."
ශාන් වේදනාවෙන් කීවේය .. ඒ හඩෙහි ඇති වේදනාව යීබෝ හැදිනගත්තේය... තවත් මුහුණ අදුරු කරගෙන හිද යන ගමනට බාදා කරන්නට යීබෝ අකමැති විය...
" දවස් දෙකනේ.... ඕක ඉක්මනින් ගෙවෙයි..... පාන්දර මම සර්ව එක්ක එන්නම් සයිට් එකට .. "
" නෑ නෑ .... පාන්දර මාවදාලා ඔයා ආපහු තනියම යන්න.... එහෙම බෑ...මිස්ටර් ලෙලේ එනවා කිව්වා ගේ ගාවට. ..."
" කීයටද සර් යන්නෙ..."
" හතරට යන්නෙ... දැන් තුනයි නෙ වෙලාව අපි දෙන්න යමු බෝබ්.... රෙඩි වෙන්නත් ඕන ප්‍රසන්ටේෂන් එකක් හදන්නත් ඕන.. "
*****************
ශාන් නිවසට පැමිණි මොහොතේ සිට කාර්‍ය බහුල වී සිටියේය .. මුලින්ම ගමනට සූදානම් වූ අතර යීබෝ නිවස අස් කරන්නට පටන්ගත්තේ හිතේ දුක නැතිකරගැනීමටයි... පසුව ඔහු තේ එකක් හදාගෙන කාමරයට එනවිට ඔහු ලැප් එක සමඟ ලොකු රාජකාරියකි... ඒ වනවිට හයත් පසුවී තිබුනි...
" සර්... වොෂ් එකක් දාලා ඉන්නකො...."
තේ එක මේසය මතින් තබමින් යීබෝ ශාන්ට කීවේය ...
YOU ARE READING
🛵🛵 GUIDE 🛵🛵 ( zhanyi ff...... Complete )
Fanfic❤️ එක්වරක් මියැදුනු හිතක් ආයෙත් පනගහයිද .... 💚 මං ඉදිරියේ ගැස්සෙන ඇස් හැමදාමත් හංගන්න පුලුවන්ද .....