Flashback...
Yuji's Appa's Story...
Kim Namjoon's (Black Dragon) Pov...,
මේ ලෝකේ ඉන්න අවාසනාවන්තම වගේම පවුකාරම මිනිහා මන් වෙන්න ඇති... පණටත් වඩා ආදරේ කරපු ඒත් ලබාගන්න බැරි වුන ඒ ආදරේ මගේ ඇස් ඉස්සරහම විනාස වෙද්දිත් මන් නිකමෙක් වගේ බලන් හිටියේ අසරණකම ඕනවටත් වඩා දැනෙද්දී...
පළවෙනි ආදරේ ජීවිතේ කවදාවත් අමතක කරන්න බෑ... මටත් එහෙමයි... එයා මගේම නොවුනත් කවදාවත් ඒ මූන, ඒ ලස්සන හිනාව, වලගැහෙන කම්මුල්, ලස්සන රෝස තොල්, දණහිස් ලගට දිග කොණ්ඩේ, මගේම වෙන්න කියලා ප්රාර්ථනා කරපු ඒ ඇස් මම කොහොම අමතක කරන්නද...?? අපි දෙන්නටම ඇති වෙන්න ආදරේ මන් ගාව තිබ්බත් එයා තෝරගත්තේ වෙන කෙනෙක්... ඒත් අවාසනාවකට ඒ කෙනා එයාගෙම මාරයා වුනේ දෛවය අපිව ලස්සන ගේමකට ඇදලා දාද්දි...
Uni එකෙන් leave වුනත් හරි එදායින් පස්සේ අද වෙනකන් තාමත් මන් ඒ මූන හොයනවා... අදට අවුරුද්දකටත් වැඩී මේ හැමදේම වෙලා... එයා මගේ ආදරේ පිළිනොගත්තත් එයා පිළිගත්ත ආදරේ එයාව සතුටින් තියයි කියලා හිතුණ නිසා මට ඒ දෙන්නා අතර තුන්වෙනියෙක් වෙන්න ඕන වුනේ නෑ... එයා හැමදාමත් පතපු ආදරේ, සතුට මන් ගාව නොවන නිසා මන් මගේ හිත හදාගෙන දුරකට වෙලා හරි එයා සතුටින් ජීවත් වෙබවා බලලා මාත් ජීවත් වෙන්න තීරණය කලා... ඒත් දෛවය මට ඒකටවත් ඉඩ දුන්නේ නෑ... සමහරවිට මන් ඒ සතුට දිහා බලලා හිනාවෙන්නවත් සුදුසු නැතුව ඇති...
එදා වැස්ස දවසක්..,
රෑ වුනත් හිතට දැනුන නුහුරු ගතිය නිසා පොඩ්ඩක් එලිය පැත්තට ගියේ හිත නිදහස් කරගන්න... සීතල හුලඟ, වැහිබිංදු හිතට අමුතුම නිදහසක් ගෙනාවේ හැම ප්රශ්නයක්ම මිනිත්තු ගානකට අමතක කරවලා...
පාලු පාරක් දිගේ ඉස්සරහට ගිය මගේ ඇගේ එක පාරටම කෙනෙක් ඇවිත් හයියෙන් හැප්පුනේ මාවත් එක්කම බිමට වැටෙද්දී.. ඉක්මනට නැගිටලා එයා දිහා බලනකොට දැක්කේ, පුංචි දරුවෙකුත් පපුවට තියලා බදාගෙන බිම වැටිලා ඉන්න පුංචි ගෑනු ලමයෙක්... බැලූ බැල්මට අවුරුදු 22ක වගේ පෙනුමක් තිබ්බත් මන් තාමත් ඒ මූන දැක්කේ නෑ...
"ඔ..ඔයා හොදින්ද...??"
මන් එහෙම අහනකොට එයා එක පාරටම ගැස්සිලා මන් දිහා බැලුවේ හරියට මගේ කටහඩ අදුරගත්තා වගේ... පාර කලුවට වුනත් ඒ ඇස් ඒ හැඩරුව මට මතක් කලෙ එයාව...
YOU ARE READING
♡...𝚃𝙷𝙴 𝙻𝙾𝚅𝙴 𝙾𝙵 𝚁𝙴𝚅𝙴𝙽𝙶𝙴...♡ ᴾᴶᴹ °𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎𝚍°
Fanfiction"මැරෙන්න හිතිච්ච වාර අනන්තයි වුනත් ඒ හැම සැරේකම මන් ජීවත් වෙන්න හේතුවක් හෙව්වා... හේතු හදාගෙන ජීවත් වුනේ කවදාහරි දවසක තේරුමක් ඇතුව මැරෙනවා කියලා හිතාගෙන.... ඉතින් මන් හිතන්නේ අද මට ඒකට අවස්තාවක්..." ↭↭↭↭↭↭↭↭↭↭↭↭↭↭↭ නොලැබීම් මැද ජීවත් වෙන තරුණියක්...
