අද මට නිවාඩු දවසක්... ඒක නිසාම සෙනූට collage ඇරුනාම අපි දෙන්නම ඇවිදින්න යන්න හිටියේ... collage ඇරෙන වෙලාව ලන් වෙනවත් එක්කම මන් collage එක ගාවට ගියා.. අපි දෙන්නම shopping යන්න plan කලේ... Shopping mall එක පාරෙන් එහා පැත්තේ නිසා අපි පාර පනින්න colour light එක ගාව හිටන් ඉදලා singal වැටුන ගමන් පාර පැන්නත් කොහෙන්දෝ ආපු කාර් එකකට මාව හැප්පුනා... බඩත් එක්කම මාව විසික් වෙලාගියා... දැනෙන වේදනාව කියන්න වචන නෑ... අන්තිමට දැක්කේ සෙනූ වගේම තව මිනිස්සු ටිකක් මහා හයියෙන් කෑගහන් දුවන් එනවා විතරයි.. වටේම අදුරු වෙලා ගියා...
.
.
.
.
.
.
මට ඇහුණේ මැෂින් එකක සද්දයක්... හරියට heart එකක ගැස්ම වගේ... අමාරුවෙන් ඇස් ඇරියත් ඇරපු සැනින් මගේ ඇස් දෙක පියවුණේ සුදු පාට තද එලියක් නිසා... දෙතුන් පාරක උත්සාහයකට පස්සේ මන් ඇස් ඇරියත් මගේ ඇස් දෙකට අහුවුනේ තනි සුදු පාට සිවිමිලිමක් වගේ දෙයක්.. ඒත් එක්කම මට කලින් සිදුවීම් පේලියට පේන්න ගත්තේ හැමදේම මතක් කරලා දෙන ගමන්... හිතට දැනුණු දුකට මට හයියෙන් ඇඩුනත් මගේ උගුරෙන් කිසිම වචනයක් පිට වුනේ නෑ... අමාරුවෙන් නැගිටින්න හදනවත් එක්කම දොර ඇරන් ආවේ සෙනූ.. මාව දැක්ක ගමන් කෑ ගහගෙන අඩාගෙන ඇවිත් මාව බදාගත්තා...
Yu: යා... එයාත යනෝ මනුප්පයෝ මත් හුම්ම ගම්ම් පෑ...
බැරිම තැන මන් කෑගැහුවේ මගේ බඩත් තැලෙන නිසා... එයාගෙන් අයින් වෙලා මන් මගේ පුංචි කොල්ලා දිහා බැලුවත් එයා එතන හිටියේ නෑ....
මන් බඩ උඩිනුත් අතක් තියන් බැලුවේ සෙනූ දිහා... එයා බිම බලාගෙන අඩනවා... නෑ... මේක වෙන්න බෑ.. එයා.. එයත් මාව දාලා ගියාද...? නෑ නෑ මේක වෙන්න බෑ...
මන් මහා හයියෙන් කෑගහලා ඇඩුවා.. බඩු පෙරලුවා... මන් ජීවත් වෙන්න තිබ්බ එකම හේතුවත් අද මේ විදිහට මාව දාලා ගිහින්.. දෙයියනේ.. මන්.. මොනා කරන්නද...
හදිස්සියෙම එතනට ආව nurse කෙනෙක් මට මොකක්ද එකක් inject කලා... ටික වෙලාවකින් දැනුනේ මගේ මුලු ඇගම පන නැති වෙල යනවා වගේ....
YOU ARE READING
♡...𝚃𝙷𝙴 𝙻𝙾𝚅𝙴 𝙾𝙵 𝚁𝙴𝚅𝙴𝙽𝙶𝙴...♡ ᴾᴶᴹ °𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎𝚍°
Fiksi Penggemar"මැරෙන්න හිතිච්ච වාර අනන්තයි වුනත් ඒ හැම සැරේකම මන් ජීවත් වෙන්න හේතුවක් හෙව්වා... හේතු හදාගෙන ජීවත් වුනේ කවදාහරි දවසක තේරුමක් ඇතුව මැරෙනවා කියලා හිතාගෙන.... ඉතින් මන් හිතන්නේ අද මට ඒකට අවස්තාවක්..." ↭↭↭↭↭↭↭↭↭↭↭↭↭↭↭ නොලැබීම් මැද ජීවත් වෙන තරුණියක්...
