Flashback...,
"C..cutie නැගිටින්න... යාහ්...!! ජන්කුක් වාහනේ ගනින් මිනිහෝ...!! ඉක්මනට...!!"
කුකී කාර් එක ගෙනාවට පස්සේ මන් වාහනේට නැග්ගේ පිස්සෙක් වගේ කෑගහන ගමන්... මගේ ඇස් දෙකෙන් කිසිම අවසරයක් නැතුව කඳුලු බේරුනේ කොල්ලෙක් වුනත් දරාගන්න පුලුවන් සීමාවක් තියෙනවා කියන්න වගේ... මගේ පණ.. මගේ ජීවිතේ... අවුරුදු ගානක් මන් පරිස්සම් කරපු.., වෛර කරපු.., වගේම පිස්සෙක් වගේ ආදරේ කරපු.., තාමත් කරන මගේ මුරණ්ඩු කෙල්ල..., අද කිසිම පණක් නැතුව මගේ උකුල උඩ... ඔක්කොම හදාගත්තට පස්සේ මාව තනිකරන්නද හදන්නේ..?? Yuji-ah බය කරන්නේ නැතුව නැගිටින්නකෝ රත්තරං...
එයාගේ ඒ ලස්සන ඇස් වැහිලා... මුළු මූනෙම කදුලු පාරවල්... ඇදුම, අත් දෙක වැහෙන්න එයාගෙම ලේ වලින් පෙඟිලා... තාමත් එයා කෑගහපු විදිහ මාව පිස්සෙක් කරනවා... කොච්චර කතා කලත් එයා තාමත් ඒ විදිහමයි...
මට මන් ගැනම තරහක් ආවේ මේ මගුලේ කේන්තියක් නිසා නේද මේ ඔක්කොම කියලා... මන් එවෙලේ එයා ගාවට ගියානම්... ආයිෂ්... තමුසේ මහා මෝඩයෙක් ජිමින්...
විනාඩි 10න් වගේ අපිට hospital එකට එන්න පුලුවන් වුනා... ඉක්මනින් එතනින් එයාව ICU එකට අරන් ගියේ අනිත් පැත්තෙන් සුගා hyung එක්ක තව කෙනෙක් මේ පැත්තට එද්දී..
End Flashback....
"හ්..හ්යුන්ග් මගේ cutie..-"
දුක දරාගන්න බැරි තැන මන් සුගා හ්යුන්ග් ගාවට ගියේ අප්පගේ උණුහුම නැති වුන දවසේ ඉදන් අප්පාගේ අඩුව පුරවපු එකම කෙනා එයා වුන නිසා...
"cool down jimin-ah... එයාට මුකුත් වෙන්නේ නෑ... ඔයාගේ cutie ට මුකුත් වෙන්නේ නෑ... believe me..."
මාව තුරුලට ගත්ත හ්යුන්ග් මාව තද කරලා බදාගත්තේ මගේ හිත හයිය කරන්න උත්සහා කරන ගමන්...
"හ්යුන්ග් කවුද මේ.."
කුකී එහෙම අහනකොට මාත් ඔලුව උස්සලා ඒ කෙනා දිහා බැලුවේ කවුද කියලා දැනගන්න...
මීට කලින් දැකලා නැති නුහුරු කෙනෙක් නිසා මාත් හ්යුන්ග් දිහා බැලුවේ කවුද අහන්න වගේ...
"අහ්.. මේ ජින්... යූගෙ ඔප්පා... ජිමින්නම් දන්නවා ඇතිනේ.. එයාව හම්බෙන්න තමා හවස යන්න හිටියේ... ඒ වෙලාවේ තමා කුක්කා විස්තරේ කිව්වේ.. ඉතින් මන් එයා එක්කම ආවා.."
YOU ARE READING
♡...𝚃𝙷𝙴 𝙻𝙾𝚅𝙴 𝙾𝙵 𝚁𝙴𝚅𝙴𝙽𝙶𝙴...♡ ᴾᴶᴹ °𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎𝚍°
Fanfiction"මැරෙන්න හිතිච්ච වාර අනන්තයි වුනත් ඒ හැම සැරේකම මන් ජීවත් වෙන්න හේතුවක් හෙව්වා... හේතු හදාගෙන ජීවත් වුනේ කවදාහරි දවසක තේරුමක් ඇතුව මැරෙනවා කියලා හිතාගෙන.... ඉතින් මන් හිතන්නේ අද මට ඒකට අවස්තාවක්..." ↭↭↭↭↭↭↭↭↭↭↭↭↭↭↭ නොලැබීම් මැද ජීවත් වෙන තරුණියක්...
