🚫 ₱₳Ɽ₮ 27... 🚫

806 126 264
                                    

"එහෙනම් ඇයි එයාට චීට් කලේ..??"

"ආහ්..!??"

මන් ඔප්පගේ දිහා ඇසුත් ලොකු කරන් බලන් හිටියේ එයා කියපු දේ මට හරියට තේරුණේ නැති නිසා... හැමෝටම පේන්නේ මන් ජිමින්ට චීට් කරනවා වගේද...?? සෙනූත් ඇහුවා.. දැන් ඔප්පා... ඒ කියන්නේ මන් එයාට ආදරේ දෙනවා මදිද...?? ස්..සමහරවිට ඒක නිසාද එයා වෙන කෙල්ලෙක් සෙට් කරන් ඉන්නේ...??

OH GOD..!! දැන් මන්..මන් මොනවද කරන්න ඕනා...??

"යාහ් මැට්ටි... මොනාද ඔච්චර අහස පොළොව ගැටගහන්න තරම් කල්පනාව..??"

"ඔ.ඔප්පා මන්..මන් චිමීට ආදරෙයි ඔප්පා.. මන් එ..එයාට ගොඩක් ආදරෙයි.."

"ආදරෙයිනම් ඔයා ඒ ගමන යන්න කලින් එයා ගැන හිතුවේ නැද්ද චූටි... හිතුණේ නැද්ද ඔයා නැති වුනොත් ජිමින් කෝමද ජීවත් වෙන්නේ කියලා... හිතුණේ නැද්ද ඔයා නැතුව එයා කොච්චර විදවයිද කියලා... ආයෙත් කලින් වගේ එයා දුක් වෙනවාට කැමතිද ඔයා...?? ම්ම්..."

"ඔ..ඔප්පා මන් එහෙම කලේ, මන් එයාට කිව්වේ නැත්තේ එයාටත් කරදරයක් වෙයි කියලා ඔප්පා... ඒකයි මන්-"

"මන් දන්නවා... ඒත් එදා ඔයාට මොනා හරි වුනානම් ජිමින් මොනා කරගනීද ප්‍රින්සස්... දන්නවද ඔයා සිහිය නැතුව ඉන්නකොට ජිමින් කොච්චර පිස්සුවක් නැටුවද කියලා... එහෙම එකේ ඔයාට මොනා හරි වුනානම් එයා-"

"මන් හොදින්නේ ඔප්පා... දැන් ඒවා වැඩක් නෑනේ..."

"මන් ඒක තේරුම් ගත්තාට ඔයාගේ චිමී තේරුම් ගන්නේ නෑනේ ප්‍රින්සස්.."

"ඔ..ඔප්පා.. දෙයක් අහන්නද..??"

"ම්ම්.. ඔයා අහන්න යන්නේ ජිමින්ට කෙල්ලෙක් ඉන්නවද කියලනම් මන් නම් ඔව්වා දන්නේ නෑ... ඔයාම එයාගෙන් අහගන්න... දැන් යන් කන්න.. කෝ නැගිටිනවා කම්මැලිච්චි.."

ඔප්පා මගේ කදුලුත් පිහදාලා අතිනුත් ඇදගෙන පහළට එක්කන් යනකොට මන් නම් කල්පනා කලේ වෙනම දෙයක්...

"ඔයා ඒම නම් මාත් ඒමයි... බලමුකෝ කවුද දිනන්නේ කියලා..."

කටකොනින් කුප්ප හිනාවක් දාපු යූජි හිතුවේ ඒම... ඒත්...,
































♡...𝚃𝙷𝙴 𝙻𝙾𝚅𝙴 𝙾𝙵 𝚁𝙴𝚅𝙴𝙽𝙶𝙴...♡ ᴾᴶᴹ °𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎𝚍°Where stories live. Discover now