🚫 ₱₳Ɽ₮ 30 (Ɇ₦Đ)... 🚫

512 68 32
                                    

"ගොඩක් කාලෙකින් මිස් කිම්..."

තමන්ගේ ඉස්සරහින් වාඩි වෙලා හිටපු වයසක මනුස්සයා එහෙම කියද්දි කෙල්ලගේ මූනේ ඇඳුනේ මහා කැත හිනාවක්... මුඛ ආවරණයට මූන වැහිලා තිබුනත් ඒ ඇස් දකිද්දි ඒක එහෙමයි කියලා හිතාගන්න අමාරු නෑ...

"මිසිස් පාක්..."

කෙල්ල කිව්වේ තමන්ගේ දකුණු අත ඒ මනුස්සයාගේ පැත්තට දික් කරන ගමන්...

"ඔහ්.. මියාන්..."

ඒ මූනේ තිබුන හිනාව වාෂ්ප වෙලා ගියත් අමාරුවෙන් හිනාවක් මවාගත්ත ඒ වයසක මනුස්සයා කෙල්ලගේ අත අල්ලන් ශේක් කලත් තප්පරයක් යන්නත් කලින් කෙල්ල තමන්ගේ අත අහකට ගත්තේ ලඟ තිබුන ටිෂූ එකෙන් පේන්නම තමන්ගේ අත පිහදගන්න ගමන්...

ලැජ්ජාවක් දැනුනත් ඒක යටපත් කරගෙන ඒ මිනිහා හිනාවුනේ වැඩේ කරගන්නකන් පරිස්සම් වෙන්න ඕන නිසා...

"ජේ..."

කෙල්ලගේ එක පැත්තකින් හිටගෙන හිටපු ජින් තමන්ගේ පිටිපස්සෙන් හිටිය ගාඩ් කෙනෙක්ට සංඥාව දුන්නා...

"ඉතින් කොහොමද මැරීඩ් ලයිෆ් එක...??"

ඒ කෙනා තව දුරටත් අහද්දි කෙල්ල ඒ මනුස්සයා දිහා බැලුවේ ඇහි බැමක් උස්සලා...

"මන් හිතන්නේ නෑ ඒක මෙතනට වැදගත් වෙයි කියලා..."

"නෑ මන්-"

"බ්ලැකී..."

ඒ මනුස්සයාව ගනන් නොගෙනම ජින් යූජිගේ පැත්තට දික් කලේ සූට් කේස් එකක්...

"ඩයමන්ඩ්..??"

"ඔහ්.. පීටර්..."

"ජේ චෙක්.."

ලාවට ඔලුව වනපු ජින් ඩයමන්ඩ් එකින් එක අතට ගනිද්දි කෙල්ලත් ඒ දිහා බලන් හිටියේ ගැඹුරු ඇස් වලින්...
ඊටත් පස්සේ ජින් කෙල්ලගේ පැත්තට හැරිලා ඔලුව වැනුවත් එක්කම කෙල්ල එතනින් නැගිට්ටේ තමන්ගේ අතේ තිබුන සූට් කේස් එක ඒ මනුස්සයාගේ පැත්තට තල්ලු කරන ගමන්...

"ඩීල් ක්ලෝස්.."

කෙල්ල හැරුනේ යන්න උනත්,

"අපිට පුලුවන් ආයෙත්-"

"නෝ තෑන්ක්ස්..."

ඒත් දෙවෙනි පාරටත් කෙල්ලගේ ගමනට බාධා වුනේ ඉස්සරහින් හිටගත්ත ගාඩ් කෙනෙක් නිසා...

♡...𝚃𝙷𝙴 𝙻𝙾𝚅𝙴 𝙾𝙵 𝚁𝙴𝚅𝙴𝙽𝙶𝙴...♡ ᴾᴶᴹ °𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎𝚍°Where stories live. Discover now