chapter 19

486 80 52
                                    

දවස් ගෙවිලා ගියේ හීයක වේගෙන් , වෙනදාට වඩා ජිමින් මා එක්කන් කතා කරනවා..කලින් සැරේ වගේ නෙමේ කොල්ලා දැන් කෙල්ලගේ පස්සෙන්මයි..

"ඉයුන්...................කෝ මගේ ටයි එක ඕයි?"

උදේ පාන්දරම ගෙදර එක යුද්දයයි , කොල්ලා දැන් හැමදේම ඉයුන් ට කියලා තමයි හොයාගන්නේ....වෙනදා තමන්ගේ වැඩ තමන් කරගත්ත කොල්ලා දැන් කෙල්ලට කියලා හැමදේම කරවගන්නවා..

කෙල්ල කවදාවත් ඒකට අකමැති උනේ නෑ , කෙල්ල එකට ආස කරා...ඒකයි කෙල්ල නොපැකිලි කොල්ලා කියන හැමදේම කලේ...

"ඉන්ඩෝ...මන් මේ වොශ් දානවා ජිමින්..."

"ශික් තමුසේ නම්....තමුසේ හෙමිට එනවා , මන්ම හොයාගන්නම්...."

කොල්ලා කෙල්ලටත් බැන බැන තම්න්ගේ ටයි එක හොයන්න පටන් ගත්තේ මී චා ගැනත් අවදානෙන්....

කෙල්ල දැන් දගයි , මේ වයසේ අහු වෙන අහු වෙන එක කටේ දාගන්නමයි බලන්නේ...

කොල්ලා කොච්චර හෙව්වත් කොල්ලාගේ ටයි එක නම් පෙන්න තිබුනේ නෑ...

ඉක්මනට නාගෙන කෙල්ලත් හෙමින් හෙමින් ජිමින් ගේ කාමරෙට අඩිය තිබ්බා..

"කෝ හොයාගත්තාද ජිමින්?"

"බලනවකෝ ඕයි....මේ හරියේ නෑ නේ"

"අහ් ඉන්න ඉන්න..."

කෙල්ල ඇද ලගට ගියාමයි දැක්කේ ජිමින් අද ඇදන් යන්න හිටපු ටයි එක මී චා දාගෙන හපනවා කියලා....

ටයි එක ගන්න දෙයක් නෑ....කෙල බෙරෙනවා

"අනේ පුතේ අප්පා දැක්කොත් මටයි , ඔයාටයි දෙන්නටම බනිවී"

"මොනවද ඕයි...ඔතන කුටු කුටු ගගා ඉන්නේ...ඉක්මනට මට ටයි එක හොයලා දෙනවා , පරක්කු වෙනවා."

ජිමින් කියන්නේ සාමන්‍යෙන් හැමදේම මැච් කරලා හරි පිලිවෙලට අදින මනුස්සයෙක්...හැම දවසකටම එයාට ඔෆිස් කිට් එකක් වෙන් කරලා තිබ්බේ..

"ජිමින් ...."

"ම්ම්....කියන්න"

"අදට වෙන එකක් ඇදන් යනවද?"

කෙල්ල ඇහුවේ දෙගිඩියාවෙන් , මොකද ජිමින් මොන විදිහේ ප්‍රතිචාරයක් දක්වයිද කියලා කෙල්ලට බය හිතුනා...

❤️°'Destiny'° Parkjimin ❤️Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ