chapter 11

403 78 5
                                    

Few days ago...

ජිමිනුයි මායි එකම ගෙදර හිටියත් කතා කරන්නෙම නැති තරම්... කතා කරොත් කතා කරන්නේ එක්කෝ බබාව ගන්න.. නැත්තම් බාබගේ මොනව හරි ගෙන්න ගන්න...

ටික කාලයක් ඉද්දි ජන්කුක් ගේ ගෙදර හිටිය අජුම්මා ආවා මගෙයි බබාගෙයි උදව්වට , ජිමිනුත් නිතරම ගෙදර නැති එකෙ ජන්කුක් කිව්වා අජුම්මාව ගෙදර තියාගන්න කියලා...

අජුම්මාටත් බබාව හුගක් හුරු උන නිසා මන් ආයෙත් මගේ ජොබ් එකට යන්න පටන් ගත්තා ...

in the night ....

බබාට දැන් මාස තුනක් වෙන්නත් ලගයි , තාම දරුවට උප්පැන්නෙයක් නෑ .. මන් අද රෑ වෙනකම්ම හිටියෙ ජිමින් එක්ක මේ ගැන කතා කරන්න... එත් මගෙ හිත කොනක තිබ්බා නිතරම ජිමින් මගෙන් කොයි වෙලෙක හරි දරුවා උදුරගනි කියලා...

ගේට් එකෙන් කාර් එක දානව ඇහුන නිසා මන් බබාව නිදි කරවලා ඇදෙන් තියලා පහලට ආව...

"ජ්...ජිමින් "

"ඇයි .... "

"මහන්සිද?"

"නෑ.... ඇයි තමුසේ ඔවා අහන්නේ... කෝ බබා"

"එයා නිදි , මට පොඩ්ඩක් ඔයත් එක්ක කතා කරන්න පුලුවන් ද?"

"කියනවා, මොකද්ද ? "

ජිමින් එහෙම එකපාරටම සැර කරලා අහද්දි මාව ගැස්සුනා...

"න්..නෑ , මේ බබාගේ birth certificate එක තාම...."

"කටවහගනින්.....උබට අදාල නැනේ එවා ...උබ උබේ වැඩක් බලගෙන පාඩුවේ හිටපන්...මන් ඒක කොහොමහරි කරගන්නම්.."

"එත් ජිමින් , ඔයා හැමදාම ඕක කියලා මාව නතර කරාම හරිද ? අහ්....ඒ දරුවට තාම නමක්වත් දාලා නෑ ...ඔයා හැමදාම ඕක කිය කිය ඉන්න..."

චටාස්...

ඔව් ජිමින් මට කම්මුලට පාරක් ගැහුවා...එවෙලේ මන් අඩි දහයක් පහලවක් පස්සට ගිහින් බිමට වැටුනේ දරාගන්න බැරි කැක්කුමක් කන පහත කම්මුලෙන් දැනෙනකොට...

මට ඇඩිලා...ඇයි මීට වඩා වෙදානවන් මන් කලින් විදලා තියනව , හැමදාම මේ කාරනාව කියනකොට මේක තමයි වෙන්නේ....ඇයි අද විතරක් ඇඩිලා...වෙනදට ඇඩෙන්නේ නෑ නේ මට... මන් ඕවා හිත හිත ඉන්නකොට ජිමින් මන් දිහා බලන්නෙවත් නැතුව උඩට ගිහින් එයාගේ කාමරේ දොර වහගත්තා...

❤️°'Destiny'° Parkjimin ❤️Donde viven las historias. Descúbrelo ahora