chapter 15

451 71 13
                                    

මන් අද ඉයුන්වත් ගෙදර ඇරලවලා ආවේ ලියොන් ගෙන් කෝල් එකක් ආපු නිසා....

"කෝ...., ගෙනාවද?"

"ඔව් , බොස්.....මොකද්ද අපි ඌට කරන්නේ? ඌ කෙල්ලෝත් දූශනය කරලා තියනවා බොස්..තව මිනිමැරුම් නඩුවකට අහු වෙලා ඉන්නේ මිනිහා"

"හ්ම්....ඇතුලට යමුකෝ!!"

අපි ඇතුලට යනකොටත් ඉයුන්ට කරදර කරන්න හදපු මිනිහාට සිහියක් නැතුව පුටුවක ගැට ගහලා තිබ්බ එකෙන් මට තෙරුනා මිනිහා අපේ සෙට් එකත් එක්ක රන්ඩු කරන්න හදලා කියලා

"ඔහෝ.........කවුද මේ?"

"ක්..කව්ද ඔ..ඔහේ ,ම්..මට යන්න දෙ..නවා"

"ඔයාට නිකම්ම යන්න දෙන්න පුලුවන්ද බබා......තව ටිකක් ඉදලා යමු"

ජිමින් එහෙම කියන ගමන් ලියොන්සෙ ගෙනත් දුන්න පුටුවෙන් ඉදගත්තා , ඒත් අර මිනිහා එන්න එන්නම කෑ ගහපු නිසා ජිමින්ගේ තරහා පාලනයක් නැතුව ඒ මිනිහට ශූට් කරලා දැම්මා

"බොස්?"

"අයිශ්........ඌ කොහොමත් අපිට වටින එකෙක් නෙමේ නේ....."

ජිමින් ලග තිබ්බ පුටුවකටත් ගහන ගමන් තමන්ගේ හතුරෝ ගේන වදකාගාරයෙන් එලියට ආවා.

.................................

මේ අතරේ ඉයුන් ඊ හිටියේ හිතේ අමුතු සතුටකුත් එක්ක දුකක් මිශ්‍ර උන හැගීමකින්.

මොකද ජිමින් එයාට අද නොකියා ආදරෙයි කිව්ව කියලා තමයි එයාට හිතුනේ , ඒ වගේම ක්ලබ් එකේදි එයා කියපු දෙවල් , උන දෙවල් නිසා ඉයුන් ඊ ට සතුටක් ඇති උනා.....

ඒත් ඉයුන්ව ගෙදර ගාවින් බස්සලා වචනයක් වත් නොකියා ආපස්සට ගියපු එක ගැන නම් ඉයුන් ටිකක් විතර දුකින් හිටියේ.....

"කමක් නෑ , එයාට වැඩ ඇති" ඒ දේ හිතෙන හිතෙන වාරයක් පාසා ඉයුන් ඊ හිතුවෙ එහෙම....

ටිකක් වෙලා ගිහින් එලියෙන් කා එකක සද්දයක් ඇහුන නිසා ඉයුන් ඊ දොර ගාවට ගියේ එයාගේ ආදරනීය , නපුරු ජිමින් එනකම් බලන් ඉන්නවා කියලා හිතලා....

ඒත් ජිමින් ඉයුන්ව දැකලාත් නොදැක්ක ගානට කෙල්ලවත් දොර ගවින් තල්ලු කරලා කෙලින්ම ගියේ ඔහුගේ කාමරයට..

❤️°'Destiny'° Parkjimin ❤️Hikayelerin yaşadığı yer. Şimdi keşfedin