පින්තාරු සුළඟ මත
සුසුම් තැවරූ දිනක
දම්පාට වැසි වැටුනු
සිසිල් සඳ කිරණ යට
හැන්දෑව මල් පිපුණු
වැටුනු පිනි පහස විඳ
රහසේම රහස් කිවු
නුඹෙ නීල දෙනෙත මත
මගේ දෙතොල් මැව් රටා
නොමැකිලා තියනවද?
මදක් රතු කොපුල් මත
දඟ කරන සඳ දියේ
සේද සරදම් මුහුණ
වලාවෙන් වසන්නද?
මගේ මැණික කෝල වී
සඟවාපු රටා නෙක
සඳ වතුර ඉසින සඳ
ඉතින් දොඩමළු නේද?
නුඹෙ රෝස දෙතොල් පෙති
මදක් රත් පැහැ ගෑව
දඟකාර ආලයට
ඉතින් අවසර නේද?
පපු තුරේ උණුසුමේ
පහන් වූ රෑ මතක
ගෙනෙන විට හදවතට
ටේ නුඹට ලැජ්ජයිද?
කුකූ....
YOU ARE READING
මග හැරුනු කවියක්.... - [Only Poems] ( Completed )
Poetryහැම හැඟීමක්ම කවි කරන්න පුළුවන්......