අවසාන තිතක් නැති කවිය.....

254 31 16
                                    

මන්දාර පවන් රැලි

පරදනා නෙත් පියන් සසලය.....

ගිම්හානයේ ගිමන් නිවනා සුළුය....

ගුරු පාට දෙනෙත මත රැඳි බැල්ම

රුදුරුය.....

නිසල හදවත් සසල කර

සිසිරයද අවුලවනු රිසිය.....

තියුණු දිගු නාසය

රහස් මුමුණන පන්හිඳක් බඳුය.....

රෝස පෙති සොරා ගත් 

සුමුදු මුදු තොල් පට

චකිතයෙන් වෙව්ලනු හැකිය.....

සියපතක පැහැය තැවරූ

හාදු අයදින කොපුල් පත්

තබන පියවරක් පාසා 

මදක් සැලෙනා රඟ හැඩය....

ගංඟාව නගන රළ පරදනා

කෙහෙරැල්ල දඟ කරනු වැඩිය......

අඩසඳක් වන් වූ 

ඒ නළලත සිඹින්නට 

අපේ කළ පිං මදිය...... 

ඒ රතැඟිලි පටලා 

සිහිනයෙන් හෝ දුරක් යා යුතුය.....

දෙතොල් අග දැවටෙන

මියුරු ස්වර හඬට

ආත්මය සිඹින්නට ඉඩදී

බලා සිටිය හැකිය.......

මගේ දෙනෙත් අග රැඳි කඳුළු

පිසදමන පහස වී

සිනහා පින්තාරු කළ

පින්සලය නුඹය.......

අමාරුම තැන්වලත්

සිනාසී කෑ ගසා

යදම් ලූ සොයුරු දම්

රැක ගත්තේ නුඹය.......

නොපෙන්වා සඟව ගත්

ලස්සනම හදවතේ

සුවඳ හිමි අයිතිකරු

ඉදින් ඒ නුඹය......

වදන් හිඟ නිසා මිස

ටේහියුන්ග් ඔබේ ගැන

ලියවෙනා කවියකට

අවසාන තිතක් නැතිය.......

මග හැරුනු කවියක්.... - [Only Poems] ( Completed )Where stories live. Discover now