මමයි උඹගේ එකම අම්මා...

124 18 12
                                    

නිමිත්ත : එක් පැත්තකට හිස ඇලවී ගිය , දෑත් දෙපා ඇඹරී ගිය , අංගවිකල වූ තම එකම පුතුගේ මුහුණ දෙස බලන මවකගේ හැඟීම.


නිල් අහස යට 

පිනි බිංදු මත

හිරුගේ රැස් කඳ

දිලෙන ලස්සන

බලාපන්කෝ ඒ දිහා


පැණි කුරුල්ලෙක්

සමන් මලකින්

සමනලුන් හා තරඟ කරමින්

රොන් ගන්න හැටි

හරි අපූරුයි

බලාපන්කෝ ඒ දිහා


මගේ ඇස් අග

දිලෙන කඳුලට

වඩා ලස්සන

අෑත ලෝකය

බලාපන්කෝ ඒ දිහා

ඌ බලන්නෙම මං දිහා


දුව පනින කොලු රැලක් අතරේ

උගේ ඇඹරුණු දෙඅත් දෙපයත්

මවන අමයුරු රටා අභියස

මං බලන්නෙත් ඌ දිහා


ලෝකෙ කාටත් නොමැති විදිහට

අරුම දරුවෙක් වදපු ගැහැනිය

මමයි උඹගේ එකම අම්මා

ඔව්........

බලාපන් උඹ මං දිහා


මග හැරුනු කවියක්.... - [Only Poems] ( Completed )Where stories live. Discover now