මං ආස දුර යන්න
ඔබ එක්ක තනි වෙන්න
පොදි බැඳපු හීනවල
උණුහුමට ගුලි වෙන්න
මඟ හැරුණු හිස් පිටුව
හැකි වේවි පුරවන්න
ඔබ ළඟින් හිටියොතින්
හැකියි මට හිනැහෙන්න
ආලයේ රාමුවට
මදක් එපිටින් යන්න
මන්දාර හැන්දෑවේ
ඔය දෙතොල් සිප ගන්න
ලස්සනම හීනයක
දිනක් එයි හිනැහෙන්න
අනේ අත අත් නොහැර
මගේ තුරුලෙම ඉන්න
YOU ARE READING
මග හැරුනු කවියක්.... - [Only Poems] ( Completed )
Puisiහැම හැඟීමක්ම කවි කරන්න පුළුවන්......