මතකයිද අත්තටු
සුරඟනන් ගෙනත් පළඳපු
පින්තාරු කළා අපි
තෙලිතුඩින් හීන තවරපු
ඉගිලුනා දුර වැඩිද?
ඔච්චමක් කළා කුණාටු
හීන විසිකර දමාපු
තටු සිඳලා වියරු කුණාටු
ඉරු සඳුත් අහිමි පොළොවක
දෙනෙත් අග කඳුළු පුරවපු
හුස්මකුත් බර වැඩී
හදවතට හීන දරාපු
හදවතක් කෙඳිරුවා
මගේ හද දරාපු
" ඔය හීන අරන් යමු
මම වෙන්නම් පිහාටු "
~ තාත්තගේ දූ... ~
YOU ARE READING
මග හැරුනු කවියක්.... - [Only Poems] ( Completed )
Poetryහැම හැඟීමක්ම කවි කරන්න පුළුවන්......