"ජින් හ්යොන්ග්........නම්ජුන් හ්යොන්ග්........හොබී හ්යොන්ග්.......කුකී........කවුරුහරි ඉන්නවද............"
"ඉන්නවනන් එලියට එන්න.......ඇයි කවුරුත් නැත්තෙ.......හ්යොන්ග්.........කුකී........."
හුගක් සද්දෙට කෑගහන ගමන් ජිමින් වටපිට බැලුවෙ අදුරන කවුරුමහරි හොයාගන්න. ඒත් ජිමින්ට පේන තෙක්මානෙකනන් කිසිම කෙනෙක් හොයාගන්න පුලුවන් උනේ නෑ. ජිමින්ට වටේට හැමතැනකම පෙනුනෙ ගස්...ගස්...ගස්....කොලම කොල පාටට පේන මහා වනාන්තරයක් විතරමයි. ඒත් ඒක හරිම සංසුන්. ජිමින් කොච්චර හයියෙන් කෑගැහුවත් සිද්ද උනේ තමන්ගෙම කටහඩ කැලෑව ඇතුලෙන් නැවත නැවතත් දෝංකාර දීම පමනයි.
තමන්ගෙ ආදරණීයයන් අමතන ජිමින්ගෙ කටහඩ ඇරුනහම කැලේ ඇතුලින් තවත් ඇහුනෙ ඈතින් ගලාගෙන යන ගඟක වතුර සද්දයක් සහ පුංචි පුංචි කෘමි සත්තුන්ගෙ ඉද හිට නැගෙන නාදයක් විතරයි. එතන තිබුනෙ ඉතාම කලාතුරකින් හමුවන නිහඬ නිස්කලංක පරිසරයක්. තම ආදරනීයයන් ඇමතීම තව දුරටත් නිශ්පල ක්‍රියාවක් බව තේරුන් ගැනීමෙන් වෙහසටපත් ජිමින් ටික වෙලාවක් කැලෑව දිහා බලාගෙන හිටියෙ තමන් සිටින ස්ථානය නිශ්චිතවම ස්ථීර කරගන්න.
නමුත් කොපමන මොලය වෙහෙසා කල්පනා කරත් ජිමින්ට ඒ පිලිබද නිශ්චිත පිලිතුරක් ලැබුනෙ නෑ. ඔව්....ජිමින් දැනන් හිටියෙ නෑ තමන් සිටින ස්ථානය...තම ආදරණීයයන් කිසිවෙක් නොමැතිව මහා ඝන වනාන්තරයක් ඇතුලෙ ජිමින් තනිවෙලා...ජිමින් විතරක්....ජිමින් පමණක්ම....තනිවෙලා. නමුත් ජිමින්ට හොඳින්ම දැනුනා මෙම ස්ථානයට තමන් බෙහෙවින් සමීප බව....
හිතන්න...හිතන්න...හිතන්න....
ඔව්..ඔව් මේ එතන...
ජිමින් වට පිට බැලුවෙ හුගක් පුදුමෙන්. ජිමින්‍ට ඕන උනා දවසක හැමදාම නගරයේ ගෙවන පීඩාකාරී ජීවිතයෙන් මිදිලා කොල පාටින් පමණක්ම වැසී ගිය ඝන වනාන්තරයක තමන් ආදරය කරන කෙනා සමග කාලය ගත කරන්න. ඔහු සමග විනෝද වෙන්න. සතුටින් කාලෙ ගත කරන්න. නිදහසේ හුස්ම ගන්න. පරිසරය විදින්න.නගරයෙ ඇති කලබලකාරී බවෙන් මිදෙන්න. අද්‍යන කටයුතු මදකට අමතක කර සැහැල්ලුවෙන් දිවිගෙවන්න...මේ හැමදේම කරන්න ඔහුට ඕන උනා...ඔහුට අවශ්‍ය උනා යම් දවසක මේ ආකාරයේම වනාන්තරයක තනිව සැරි සරන්න. කුරුල්ලන්ගෙ නාදයට පමනක් සවන් දෙන්න. නිහඩව ගලාගෙන යන ගඟක් දෙස ඔහේ බලාසිටින්න. තමන් ආදරය කරන පුද්ගලයා සමග අත් පටලා තව තවත් වනය තුල සැරිසරන්න ඔහුට ඕන උනා. ඔහුගෙ හිතේ මේ පිලිබද අපූරු චිත්ත රූපයක් මැවී තිබුනා...ලස්සනම ලස්සන කොල පාටින් පමනක් වැසී ගිය වනාන්තරයක්....
YOU ARE READING
ᎻႮΝͲᎬᎡ 🧛⚠ (ONHOLD)
Romantik♡ 𝑳𝒐𝒗𝒆 𝑴𝒆 𝑯𝒂𝒕𝒆 𝑴𝒆 ♡ Taekook Started - 18/05/2021 ⚠⚠⚠⚠ ⭕ Don't copy my work ⭕ Ship story ⭕ 18+ parts may have