chap.8 - you are mine ❤

1.6K 215 65
                                    

⚠️️🚫 Warning ⚠️️🚫

Bl smuts වලට කැමති නැති අයය් පොඩි අයය් ආපු අතක් බලාගෙන යන්න 😌🖐️😏

කියවල පස්සෙ බැනගෙන එන්න එපා. මොකා ඇවිත් මොනව කිව්වත් මම මගෙ කතාව නවත්තන්නෙත් නෑ. 😏

____________________________________________

Tae's pov

කූකිවත් අරන් වාහෙනේ ගියාට මොකද්ද කරන්නෙ කියල පොඩිම අදහසක්වත් මට තිබුනෙ නෑ. කූකිව ගෙදර අරන් යන්නත් බෑ. නම්ජූන්ලත් එලියට ගියා කියන්නෙ එහෙ කව්රුත් නෑ නෙ. අන්තිමට මං නැම්ජූන්ට මෙසේජ් එකක් දාල කූකිව මගේ ගෙදර අරන් යන්න තීරණය කලා. ගෙදර යනකම්ම පොඩි එකා හා පැටියෙක් වගේ ගුලි වෙලා සීට් එකේ නිදාගෙන හිටපු විදියට මට එයාව ඇහැරවන්න හිතුනෙ නෑ. ඒ නිසා මම කූකිව උස්සගෙනම ගිහින් මගෙ රූම් එකේ ඇදෙන් හාන්සි කෙරෙව්වා. බීලා හොදටම අමාරුවෙන් හිටපු නිසා කූකිගෙ මුලු ඇගම දාඩියෙන් තෙත් වෙලා තිබ්බා. ඒ නිසා මම එයාගෙ කෝට් එකය් ශර්ට් එකය් ගලවල AC එක On කලේ එයාට පහසුවක් වෙය් කියල හිතුන නිසා. බබෙක් වගේ උනාට එයාගෙ පිරුනු අත්, six packs තිබුනු abs, මත් වෙලා නිසා බාගෙට පියවුනු ඇස්, පිරුනු තොල් හා පැටියාගෙ මූනට අමුතු සරාගී පෙනුමක් එක් කරල තිබ්බා. දැං හුගක් රෑ වෙලා කියල දැනුනු නිසා මම කූකි ගාවින් නැගිටල යන්න ගියේ වොශ් එකක් දාගන්න. ඒත් කව්රු හරි මගෙ අත අල්ලගත්ත. ඔව් ඉතිං මේ කාමරේ වෙන කව්රුත් නෑ නෙ. සිහියක් නැතුව නින්දෙනුත් හිනා වෙවී කියවන කූකි මගෙ අතින් අල්ලන් මොනවදො මුමුනනවා. ඒත් ඒ කිසිම දෙයක් තේරුනේ නෑ. ඒත් එයා එක දිගටම කියපු එක දෙයක් තේරුනා. එයා කාටහරි ආදරේ කරනව. ඒත් ඒ හැගීම කියාගන්න බැරුව ඉන්න බවක් තමය් මට තේරුනේ. 'බලන් ගියාම එයත් මං වගේනෙ' මට එහෙම හිතුනා.

එයා නිදාගෙන හිටියෙ පොඩි එකෙක් වගේ හරිම හුරතල්. මන් මාව පාලනය කරගත්තෙ හුගක් අමාරුවෙන් . මට ඕන උනේ නෑ එයාගෙ අකමැත්තෙන් එයාට රිද්දන්න. මට ඕන උනේ එයාව මලක් වගේ පරිස්සම් කරගන්න. අසිහියෙන් හිටිය නිසාම එයා මොනාදෝ කියව කියව මට තුරුල් උනේ හා පැටියෙක් වගේ. එයා නිදාගන්නකල් එයා ගාවින් ඉදලා මන් නැගිට්ටෙ wash එකක් දාගන්න. ඒත් ආයෙත් පාරක් කුකී මගෙ අතින් ඇදලා එයා ගාවට ලන් කරගත්තෙ පොඩි එකෙක් වගේ. මත් බවින් පිරුනු ඒ අඩවන් ඇස් මන් දිහා බලන් හිටියෙ අමුතුම හැගීමකින්. එහෙම ම කුකී මගෙ තොල් වලට බර උනේ සුමුදු සිප ගැනීමකට මුල පුරමින්. මගෙ පාලනයෙන් තොර උන තොල් එයාගෙ තොල් අල්ලගත්තෙ හිගක් සියුම්ව. මන් කැමති නෑ මගෙ හා පැටියට රිද්දන්න. ටිකෙන් ටික ඒ සිප ගැනීම හුගක් දීර්ග උනේ මගෙ හිතේ මේ හා පැටියට ආදරේ තවත් වැඩි කරමින්. අපි දෙන්නට නොදැනුවත්වම විනාඩි කීපයක් අපි එකිනෙකා තුරුලෙ ඒ අමුතු හැගීම විදගත්තා. හුස්ම ගන්න ඕනෙ නිසා ඈත් උනත් ඒ විදියට ඉන්න තිබ්බනම් මම ඊටත් වඩා සතුටු වෙනව. ඒත් තවත් දීර්ඝ සිප ගැනීමකට මුල පුරමින් කූකි මගෙ උඩු තොලත් යටි තොලත් මාරුවෙන් මාරුවට උරන්න පටන් ගත්ත. හංගන්න හදපු හැගීම් ඔක්කොම කූකිගෙ මේ වැඩ නිසා ආයෙත් පිබිදෙනව කියල මට දැනුන.

ᎻႮΝͲᎬᎡ 🧛⚠ (ONHOLD)Where stories live. Discover now