"කුකී....."
කරන්න කිසිම දෙයක් හිතාගන්න බැරුව, උනේ මොකද්ද කියලා හිතාගන්න බැරුව කුකී ඇඳේ ඔහේ වැටිලා හිටියෙ මලමිනියක් වගේ. ඒත් කොල්ලට එක පාරට ඇහුනෙ සුපුරුදු කටහඩක් එක්ක පුරුදු උනුසුමක්
"හියුන්.."
තාමත් වේලිලා නැති කදුලු පාරවල් ඇදිලා තිබුන කුකීගෙ මූන ඉබේම හැරඋනේ කොල්ලට ඇහුන කටහඩේ පැත්තට
"කුකී...අනේ ඔහොම ඉන්න එපා ටිකක් හිනාවෙන්නකො"
අසරණ දෑස් වලින් කුකී දිහා බලන ගමන් ටේ එහෙම කිව්වෙ දුක්බර කටහඩකින්. ටේ ජනේලෙන් ඇතුලට ආවත් කුකීට ඒ ගැන ගානක් තිබුන්නැත්තෙ ඒ තරමටම කුකී අවුල් උන මනසකින් හිටිය නිසා.
"චිම් අතන මැරෙන්න වැටිලා ඉන්න වෙලාවෙ හියුන් මට කියන්නෙ හිනාවෙන්න කියලද හියුන්...කියන්න මට....කියනවා....ඇයි තමුන් එහෙම කරේ...කියනවා...තමුන් මට ආදරේ කරේ මගෙ powers නිසාද...තමුසෙ මාව රවට්ටන්නද ආදරේ කරේ...ටේ....හියුන්...තමුන් powers නිසාද මට ආදරේ කරේ........කියනවා......"
චිම්ගෙ කෝමා එකත් එක්ක කුකීගෙ හිතට ඇති උනේ ලොකු බලපෑමක්. තමන් එක්ක පොඩි කාලෙ ඉදන් එකට හිටිය තමන්ගෙ යාලුවා තමන් නිසාම ඒ වගේ තත්ත්වෙකට පත් වෙනව ඇස් දෙකෙන්ම දකින්න ලැබුනම කුකීට දැනුනෙ ලොකු අසරණකමක්.......තමන් නිසා යාලුවට එහෙම උන එක ගැන පසුතැවීමක්....... එදා දැක්ක බෝගම් ගැන තරහක්...බෝගම්ව එව්වෙ ටේ කියලා හිතපු නිසා ටේ ගැන කලකිරීමක්...කොල්ලට කොයිම විදියකවත් හොඳයි කියන්න පුලුවන් විදියෙ හැගීමක් කොල්ල ලග තිබුනෙ නෑ. ඒ තරහත් එක්කම කොල්ලව බලන්න ආව ටේට කොල්ලා එහෙම කෑගැහුවෙ තිබුන තරහට වගේම දුකට
අද මේ එන ගමනෙදි තමන්ට බැනුන් අහන්න වෙන බව දැන දැනම ටේත් කුකීව හම්බවෙන්න ආවෙ අද කුකීව හම්බුනේ නැති උනොත් ආයෙ කවදාවත් කුකී එක්ක කතා කරන්න නොලැබෙයි කියලා කොල්ලට බය හිතුන නිසා. ඒ වගේම නොකල වරදකට තමන් වැරදිකාරයෙක් වෙන්න කොල්ලට ඕන උනේ නැති නිසා. ඒ නිසාම ටිකක් රෑ වෙනකන් හිටිය ටේ කලුවර වැටීගෙන එනවත් එක්කම වගේ කුකීගෙ කාමරේට හොරෙන්ම ආවෙ ගෙදර ඉස්සරහා දොරෙන්ම ඇවිත් ගෙදර මිනිස්සුට මූන දෙන්න පුලුවන් වාතාවරණයක් කොල්ලට නොතිබ්බ නිසා
YOU ARE READING
ᎻႮΝͲᎬᎡ 🧛⚠ (ONHOLD)
Romance♡ 𝑳𝒐𝒗𝒆 𝑴𝒆 𝑯𝒂𝒕𝒆 𝑴𝒆 ♡ Taekook Started - 18/05/2021 ⚠⚠⚠⚠ ⭕ Don't copy my work ⭕ Ship story ⭕ 18+ parts may have