chap. 23 - I'm sorry

812 155 56
                                    

"Teahyung  ඔ..ඔයා..."

දොර  ඇරපු  ගමන්  තමන්  ඉස්සරහා   හිටිය  කෙනා  දැක්කම  ජින්ට  කියන්න  පුලුවන්   උනේ  එච්චරයි

"J..Jin..."

"ඇයි  Teahyung  මෙහෙට  ආවේ....මගෙ  එක  කොල්ලෙක්  මැරෙන්න  වැටිලා  ඉන්නකොට  අනිත්  එකාව  මරලා  දාන්නද  තමුන්  මෙහෙ  ආවෙ"

චිම්කුක්  දෙන්නට  හොබීට  නම්ජුන්ට   නිතරම  සැර  කරත්   ජින්  කියන්නෙ  කිසිම  දවසක  තරහින්  කෙනෙක්ට  බැන්න  කෙනෙක්   නෙවෙයි. එයා  පවුලෙ  අයට  පුංචි  සැරකිරීම්  කරත්  ඒ  දේවල්  හරි  ආදරණීයයි. කවදාවත්  කෙනෙක්ට   තරහින්  වචනයක්  කියන්න  ජින්  කිසිමවෙලාවක  කට  ඇරියෙ  නෑ. ඒත්  අද  ඊට  වඩා  වෙනස්...තමන්ගෙ  ලමයෙක්  වගේ  බලාගත්ත  ජිමින්ට  අද  වෙලා  තියන  දේ  දැක්කම  ජින්ට   තවදුරටත්   වෙනදා  වගේ  කට  පියාගෙන   ඉන්න  පුලුවන්   උනේ  නෑ. එයාට  එහෙම   ඉන්න  ඕන  උනෙත්  නෑ. හැමෝම  වගේම  ජින්  හිතාගෙන   හිටියෙත්  එදා  චිම්කුක්  දෙන්නට  පහර  දෙන්න  බෝගම්ව  එව්වෙ  ටේ  කියලා. ඉතින්  එහෙම   හිතන්  ඉන්න  එකේ  මේ  වගේ  දෙයක්  ටේට  අහන්න  ලැබුන  එක  පුදුමෙකුත්  නෙවෙයි. කොහොමත්    ටේත්  දැනගෙන  හිටියා   රෑ  කුකී  කලා  වගේම   උදේට  නම්ජුන්  හම්බවෙන්න   ආවමත් කලින්  වගේම   එයාට  වචන  වලින්  ලැබෙන  සිත්  රිදවන  ප්‍රහාර  විදගන්න  ලැබෙන  බව. ඒ  හැමදේම  දැනගෙනත්  ටේ  අද  නම්ජුන්ගෙ  ගෙදර  ආවෙ  එයාලගෙ  වැරදි  වැටහීම  නැති  කරන්න  වගේම  බෝගම්  වෙනුවෙන්    සමාව  ගන්නත්  ජිමින්  වෙනුවෙන්  කනගාටුව  පල  කරන්නත්..

ඒත්  ටේ  සමාවගන්න  එකෙන්වත්  කනාගාටුව  පල  කරන  එකෙන්වත්  පසුතවෙන  එකෙන්වත්   කිසිම  වැඩක්  නැතිබවත්  ටේ  දැනන්  හිටියා. ටේ  බෝගම්  වෙනුවෙන්   සමාව  ගත්තත්  බෝගම්  කවදාවත්   හරි  පාරට  එනඑකක්  නෑ. ටේ  ජිමින්  වෙනුවෙන්   සමාව  ගත්තත්   තවදුරටත්   ජිමින්  ඇස්  ඇරලා  ඉස්සර  වගේ  කතා  කරන  එකක්  නෑ. ඒත්  ඒ  හැමදේම  වෙනුවෙන්  ටේට  කරන්න  පුලුවන්   එකම  දේ  ඒකයි. සිද්ද  උන  දේවල්  කිසි  දෙයක්  ආයෙ  කොල්ලට  හරි  ගස්සන්න  බෑ. කොල්ලට  ආයෙ  අතීතෙට  යන්න  බෑ. කොල්ලට  ආයෙ  ජිමින්ගෙ  ඇස්  දෙක  අරින්න  බෑ. කොල්ලා  පසු තැවුනත්  සමාවගත්තත්  කනගාටු  උනත්  සිදු  උන  කිසි  දෙයක්  යතාතත්ත්වෙට  පත්වෙන්නෙ  නෑ. ඒත්  ටේට  වෙන  කරන්න  දෙයක්  නෑ. තමන්ගෙ  ආත්මගෞරවය  වෙනුවෙන්, තමන්ගෙ  හිතේ  තියන  පසුතැවීම  වෙනුවෙන්  කොල්ලට  කරන්න  පුලුවන්   උනේ  සිද්ද  උන  ඇත්ත  සිද්දිය  නම්ජුන්ට  කියන  එක  විතරයි...ඒ  අය  විස්වාස   කලත්  නොකලත්  ටේට  කරන්න  පුලුවන්   එකම  දේ  ඒක  විතරයි. ඒ  මොන  දේ  කරත්  කොල්ලට  බෑ  කොල්ලගෙ  හිතට  සමාව  දෙන්න. කොල්ලට  බෑ  තමන්ගෙ  හිතේ  තියන  වරදකාරී   හැගීමෙන්  හැංගෙන්න. අඩුම  තරමෙ  ටේට  තමන්  ගැන  පසුතැවෙන්න  පවා  අයිතියක්  නෑ...කොල්ලා  නායකයෙක්  උනත්  බෝගම්  සේජින්  දෙන්නා  තමන්ගෙ  අණට  කීකරු  වෙන්නෑ..

ᎻႮΝͲᎬᎡ 🧛⚠ (ONHOLD)Where stories live. Discover now